Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

ආසියානු බර ඉසිලීමේ ශූරතාවලිය - 2019 දී යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩකයෙකු දස්කම් දක්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මළල ක්‍රීඩා නිපුණතාවයන් නැවත වරක් ලෝකය ඉදිරියේ විඳහාපාමින්, යුද්ධ හමුදාවට හා රටට විශාල ගෞරවයක් හා කීර්තියක් එක්කරමින් චීනයේ නින්ග්බෝ හිදී (Ningbo) අප්‍රේල් 18 සිට 28 දින දක්වා පැවැති ආසියානු බර ඉසිලිමේ ශූරතාවලිය 2019 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා බර ඉසිලීමේ ක්‍රීඩක ලාන්ස් කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තියේ ලෝකඩ පදක්කම හිමිකරගැනීමට සමත්විය.

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලාන්ස් කෝප්‍රල් වයි.ඩී.අයි. කුමාර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ බර ඉසිලීමේ තරඟ ජයග්‍රහණයෙන් අනතුරුව පසුගිය වසර කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය තරඟ කිහිපයකට ද සහභාගීවී ඇත. latest Running | Nike Shoes