Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2019 15:41:21 Hours

සන්නද්ධ හමුදා සේනාධිනායකතුමන් සේනාපුර ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුබසාධනය පිළිබඳ විමසයි

සේනපුර පිහිටි ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ සුවදුක් විමසීම සඳහා අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සඳුදා (25) දින එම කඳවුරු පරිශ්‍රය වෙත පැමිණියේය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ගජබා රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

අතිගරු ජනාධිපතිතුමන්, ගජබා රෙජිම්න්තුවේ පුනරුත්ථාපනය වන සහ තුවාල ලබා ප්‍රතිකාර ලබන නේවාසික රණවිරුවන්ගේ වාට්ටු සංකීර්ණයේ සංචාරය කරමින් ඔවුන්ගේ සුවදුක් පිළිබඳ විමසීය. මෙහිදී අතිගරු ජනාධිපතිතුමන් නේවාසිකව ප්‍රතිකාර ලබන සදහටම තුවාල ලැබූ විරෝධාර රණවිරුවන් කිහිපදෙනෙකු සමඟ සුහදව අදහස් හුවමාරු කරගනීමින් ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳ විමසා සිටියහ.

එමෙන්ම, සෙනසුරාදා (23) දින ගජබා රෙජිමේන්තු මූලස්ථාන බළඇණියේ පුනරුත්ථාපනය වන සහ ප්‍රතිකාර ලබන තුවාල ලැබූ සහ අනෙකුත් ආබාධ සහිත ගජබා රෙජිමේන්තුවේ විරෝධාර රණවිරුවන්ගේ ප්‍රයෝජනය සඳහා නවතමයෙන් ඉදිකල චිකිත්සක පිහිනුම් තටාකය විවෘත කරනු ලැබීය.

මෙම සංචාරය සංකේතවත් කරමින් ජල චිකිත්සක පහසුකම් සඳහා නවතමයෙන් ඉදිකර විවෘත කරනු ලැබු පිහිනුම් තටාකය ආසන්නයේ අතිගරු ජනාධිපතිතුමන් විසින් පැළයක් රෝපණය කළහ. එසේම, අතිගරු ජනාධිපතිතුමන් ගජබා රෙජිමේන්තුවේ විරෝධාර ආබාධිත රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් තොගයක් ද බෙදාදෙන ලදී.

දිගින් මීටර 25 ක් සහ පළල මීටර 18 ක් වූ පිහිනුම් තීරු 8 කින් සමන්විත මෙම පිහිනුම් තටාකයේ ඉදිකිරීම් කටයුතු සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මියගේ ඉල්ලීමකට අනුව තරුණ ලාංකීක ව්‍යවසායකයන්ගේ මණ්ඩල කාන්තා සංසදයේ ප්‍රධානි ෂෙහානි පියසේන මහත්මිය විසින් මූල්‍යමය දායකත්වය ලබාදී ඇත. මෙම අවස්ථාවේ දී ප්‍රදේශයේ සිවිල් ජනතාවට ද අතිගරු ජනාධිපතිතුමන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගැනීමට ද අවස්ථාව ලැබිණි.

සමුහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් අනතුරුව සන්නද්ධ හමුදා සේනාධිනායක මෙන්ම අතිගරු ජනාධිපතිතුමන් වෙත තුවාල ලබා ආබාධිතව නේවාසිකව ප්‍රතිකාර ලබන 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් පී.එම්.ආර්.එස්. පරණමාන්න විසින් නිර්මාණය කරන ලද කලාත්මක සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

තවද මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු කවුන්සිල් සාමාජිකයින්, ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් හරේන්ද්‍ර පීරිස්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, මූලස්ථාන බළඇණියේ අණදෙන නිලධාරී ඇතුළු අනෙකුත් අණදෙන නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Sportswear Design | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp