Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

25th February 2019 18:41:21 Hours

11 වන සේනාංක මූලස්ථානයේ නවීන හා ආකර්ශනීය ලෙස ඉදිකරන ලද නිලධාරී නිවස්නය විවෘත කෙරේ

මහනුවර, පල්ලකැලේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරී නිවස්නය සඳුදා (25) දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ප්‍රධානත්වයෙන් පැවැති උත්සවයකදී විවෘත කෙරිණි.

නවීන පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් වෙන්කරන ලද මුදල් යොදාගනීමින් එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත ඉංජිනේරු සේවා බලකා භට පිරිස්හි ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන්ව මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් තිස්ස නානායක්කාර විසින් උණුසුම් අයුරින් පිළිගත් අතර සමරුඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ආරාධනා කළහ.

මෙම අතිශයෙන් අවශ්‍ය සහ ආකර්ශණිය ලෙස ඉදිකරන ලද නව පහසුකම්වලින් සමන්විත ගොඩනැගිලි සංකීර්ණය ප්‍රධාන ආරාධිත්තා සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් සම්ප්‍රදායානුකුල පොල්තෙල් පහන දල්වා සුභ මොහොතින් විවෘත කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිලි සංකීර්ණය නිරීක්ෂණය කළහ. එම අවස්ථාවේදී, ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් උසස් ප්‍රමිතියකින් යුතුව ගොඩනැගිලි සංකීර්ණය සාර්ථකව ඉදිකිරීම සම්බන්ධව ඉංජිනේරු සේවා බලකායේ යුද්ධ හමුදා සාමාජිකයින් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම වෙත තම ප්‍රශංසාව පුද කළේය.

තවද, ජනාධිපතිතුමන්ගේ ව්‍යාපෘතියක් සඳහා මහනුවර ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ හදිසි පැමිණිම මෙම අවස්ථාවට විශේෂ වැදගත්කමක් එක් කළේය.

මෙම වැඩසටහන අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් සමුහ ඡායාරූපයකට පෙනීසිටිමෙන් අනතුරුව කඳවුරු පරිශ්‍රයෙන් නික්මයාමට පෙර නාවික හමුදාධිපතිතුමන් ද සමඟින් එක්ව විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන, යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. best Running shoes brand | Womens Shoes Footwear & Shoes Online