Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd February 2019 16:28:29 Hours

ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් මීන්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ සංචාරයක

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් 40 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මූලික දැනුම ලබාගැනීමේ අරමුණින් මීන්නේරිය කාලතුවක්කු පුහුණු පාසලේ පෙබරවාරි මස 15 සහ 16 දිනයන්හි සංචාරයක නිරතවිය.

ආරක්‍ෂක අමාත්‍යංශයේ හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් ඩි.ඒ.ආර්. රණවක විසින් ආරක්‍ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ආනන්ද විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් කණ්ඩායමේ මීන්නේරි සංචාරය සම්බන්ධීකරණය කළහ. එහිදි මින්නේරිය පුහුණු පාසලේ කාර්යභාර්ය සහ වගකීම් පිළිබඳව කාලතුවක්කු පුහුණු පාසලේ සේනාවිධායකතුමන් විසින් සංචාරක පිරිස ඉදිරිපත් කිරීමක් මගින් දැනුවත් කරන ලදී.

ආරක්‍ෂක ලේකම්තුමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ත්‍රිවිධ හමුදාවන්හි කාර්යභාර්යන් පිළිබඳ ආරක්‍ෂක අමාත්‍යංශයේ නිලධාරීන්ට මනා දැනුමක් ලබාදීම සඳහා මෙම ව්‍යාපෘතිය දියත් කර ඇත. Sports News | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ