Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th February 2019 12:48:28 Hours

වන්නි ප්‍රදේශයේ භට පිරිස් ආබාධිත සිවිල් වැසියන් 22 නෙකු හට රෝද පුටු හා සැරයටි පරිත්‍යාග කරයි.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරන ලද මානූෂීය සත්කාරක වැඩසටහනේ එක් පියවරක් ලෙස වන්නි ප්‍රදේශයේ ජීවත්වන ආබාධිත සිවිල් වැසියන් 22 නෙකු සඳහා රෝද පුටු 12 ක් සහ සැරයටි 10 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රිස්ටල් මාටින් පීඑල්සී ඇගළුම් කර්මාන්ත ශාලාවේ අනුග්‍රහය ඇතිව පවත්වනු ලැබීය.

ඒ අනුව එම ප්‍රදේශයේ අබාධිත සිංහල, දමිළ සහ මුස්ලිම් වැසියන් පිරිසක් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ කාර්යාලය මගින් සිදු කළ ඉල්ලීමකට අනුව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා විසින් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට අවශ්‍ය ඉදිරි උපදෙස් ලබාදුන්හ.

නවම් පුර පසලොස්වක පොහෝ දින එනම් පෙබරවාරී මස (19) දින වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේදි ක්‍රිස්ටල් මාටින් පීඑල්සී ඇගලුම් ආයතනයේ තත්ත්ව සහතික හා ආරක්ෂණ සාමාන්‍යාධිකාරි වයි. බී. නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වනු ලැබීය. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන එම සමාගමේ අරමුදලින් සපයා තිබිණි.

වන්නි ආරක්ෂක සේනා ආඥාපතිතුමන් වෙනුවෙන් 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රභාත් දෙමටන්පිටිය, වයි. බී. නිශාන්ත මහතා මෙන්ම එම සමාගමේ පරිත්‍යාගශීලී නියෝජිතයින් පිරිසක් මෙම උපකරණ බෙදාදීමේ උත්සවයට එක් වූහ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙතින් ආධාර ලබා ගැනීම සඳහා පැමිණී ප්‍රතිලාභින් හට ප්‍රවාහන පහසුකම්, කෙටි ආහාර වේලක් සහ දිවා ආහාරය ලබා දුන්හ.

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ පැවති මෙම වැඩසටහන සඳහා බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් සේන වඩුගේ, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන කර්නල් ඉන්දු සමරකෝන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන් පිරිසක් ද එක්වූහ. bridgemedia | Women's Nike Air Max 270 React trainers - Latest Releases , youth boys nike sunray sandals clearance outlet