Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th January 2019 17:41:40 Hours

වව්නියාව රෝහලේ බෞද්ධ මහා සම්මේලනය විසින් දෙමළ කාන්තාවක් සඳහා නව නිවසක් ඉදිකර දෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් වව්නියාව ජාතික රෝහලේ ‘සඳහම් සුව’ බෞද්ධ සංගමය සමඟ සහයෝගීව කටයුතු කරමින් කුරුමන්කාඩු දුෂ්කර ගම්මානයේ ජිවත්වන අසරණ කාන්තාවක් සඳහා නව නිවසක් ඉදිකරදෙයි.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ගේ උපදෙස් මත වව්නියාව ජාතික රෝහලේ ‘සඳහම් සුව’ බෞද්ධ සංගමයේ ත්‍යාගශිලි ධානපතින්ගේ පරිත්‍යාගයෙන් මෙම නිවස ඉදිකරන ලදි.

දිගුකාලීන රෝගයකින් පීඩා විදින අසරණ දෙමළ කාන්තාවක් වන ආර්. රාසමලර් මහත්මිය ජීවත් වීමට සුදුසු නිවසක් නොමැතිව ඉතා අසරණව සිටි මොහොතේ ඇය වෙනුවෙන් එම සංගමය හා යුද්ධ හමුදා සාමාජිකයින් එක්ව මෙම නිවස ඉදිකිරිම සදහා ඉදිරි පියවර ගනු ලැබීය.

ඒ අනුව, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ උපදෙස් මත 211 බලසේනාවේ බලසේනාධිපති කර්නල් තාරක රත්නසේකර විසින් මෙම සංගමය සිවින් ලබාදුන් අනුග්‍රහයෙන් නව නිවස ඉදිකිරිම ආරම්භ කරනු ලැබීය.

211 බලසේනාවේ බලසේනාධිපති කර්නල් රත්නසේකර සමඟ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි වවුනියාව දිස්ත්‍රික් ලේකම් අයි.එම් හනීපා මහතා, වවුනියාව දිස්ත්‍රිකයේ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, වවුනියාව ජාතික රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය, වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙම උත්සවය සදහා සහභාගිවිය. පසුව හින්දු ආගමික වතාවත් සිදුකරමින් බ්‍රහස්පතින්දා (3) දින ආර්. රාසමලර් මහත්මිය වෙත නිවස පරිත්‍යාග කරනු ලැබීය. මෙම ව්‍යාපෘතියට ආශිර්වාද කරමින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා, හින්දු පුජකවරු, වෛද්‍යවරු සහ තවත් කිහිපදෙනෙකු පැමිණි අතර එහිදි සමුහ චායාරූපයක් ද ලබා ගත්හ.

‘සඳහම් සුව’ බෞද්ධ සංගමයේ විධායක සාමාජිකයින්, ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබාදුන් පිරිස, රෝහලේ කාර්ය මණ්ඩලය, ගම්වාසින් සහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් කිහිපදෙනෙකු නව නිවසට පා තැබීමේ උත්සවය සඳහා සහභාගි වුහ. bridge media | Yeezy Boost 350 Trainers