Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවය - 2018 ඇරඹේ

අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවය - 2018 සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේදී බ්‍රහස්පතින්දා (27) දින පස්වරුවේ ආරම්භ විය.

මෙම අන්තර් රෙජිමේන්තු එල්ලේ ශූරතාවලිය සඳහා විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 18 ක් සහ කාන්තා කණ්ඩායම් 4 ක් තරඟ වැදිමට නියමිතය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 21 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් කුමාර ජයපතිරණ සහභාගීවිය. ඒමෙන්ම එම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වුහ.

තවද, මෙම තරගාවලිය සදුඳා (31) දින අවසන් වීමට නියමිතය.Nike sneakers | Nike