Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th October 2018 11:35:29 Hours

තෝල්පුරම් සිවිල් වැසියන් හට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාදීමක්

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් බ්‍රහස්පතින්දා (18) දින යාපනය තෝල්පුරම් ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකගේ දිලිඳුකම සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කරන ලදි.

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ධානපතීන්ගේ ද සහයෝගය ඇතිව මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලැබීය.

යාපනය ආඥාපතිතුමන් ඇතුළු යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරින් තෝල්පුරම් ප්‍රදේශයේ සංචාරයකද නිරතවූ අතර එහිදි පාසල් සිසුන් සඳහා පාවහන් සහ පාසල් බෑග් බෙදාදෙනු ලැබීය. තවද පෙර පාසල් ළමුන් සඳහා පොත් පැන්සල් ද, ගම්මානයේ වැඩිහිටියන් 15 දෙනෙකු සඳහා වියළි ආහාර පාර්සල් හා දිලිඳු පවුල් 10 ක් සඳහා ඇඳුම් තොගයක් ද පරිත්‍යාග කරනු ලැබීය. ඉන් අනතුරුව තෝල්පුරම් ප්‍රජා මධ්‍යස්ථානයේ පැවැති මෙම අවස්ථාවට සහාභාගී වූ සිවිල් වැසියන් කිහිපදෙනෙකු සමඟ යාපනය ආඥාපතිතුමන් සුහඳ පිළිසඳරක යෙදුනහ. best Running shoes | Patike