24th July 2018 14:13:21 Hours
නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක, රටට සහ සිය රෙජිමේන්තුවට කරන ලද සේවය අගයමින් හමුදා සම්ප්‍රදායානුකුල වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් සාලියපුර පිහිටි ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සෙනසුරාදා (21) දින පිරිනමනු ලැබීය.
රෙජිමේන්තු මධ්‍යස්ථාය වෙත සපැමිණි නික්මයන මේජර් ජෙනරාල් තුමන්ට හමුදා සම්ප්රදායානකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් මහින්ද රාජපක්ෂ විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් පසුව, නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක විසින් ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ දිවන්ගත මේජර් ජෙනරාල් විජය විමලරත්නගේ පිළිරුව අභියස මල් කළඹක් තබා එතුමන්ට පුෂ්පෝපහාර පුද කළහ.
ගජබා රෙජිමේන්තු අධිපතිතුමන් ඇතුළු සියලුම නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් හරේන්ද්‍ර පීරිස් විසින් නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක උණුසම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සම්මාන ආචාර පෙළපාලියක් ද පිරිනමනු ලැබීය. නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සමඟින් මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලිය නිරීක්ෂණය කිරීම සඳහා පෙළපාලියේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් දිනේෂ් බුලත්සිංහල විසින් කැටුව යන ලදී.
ගජබා රෙජිමේන්තු සමාජ ශාලාවේ පැවැති සියලුනිල තේ පැන් සංග්‍රහය සඳහා නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහභාගි වූ අතර නික්මයාමේ උත්සවයේ අවසන් රාත්‍රි භෝජන සංග්‍රහය නිලධාරි නිවස්නයේ දී පැවැත්විණි. නිලධාරි නිවස්නයේ පැවැති රාත්‍රි භෝජන සංග්‍රහය සඳහා සපැමිණි යුද්ධ හමුදා විධායක ජෙනරාල් මෙන්ම ගජබා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ සභාපතිණි සුජිවා නෙල්සන් මහත්මිය නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක සහ එම මැතිණිය වන නයනි පාදෙණිය මහත්මිය විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම රාත්‍රි භෝජන සංග්‍රහය අතරතුරදී, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමුගැනීමේ කථාව ඉදිරිපත් කරමින්, මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක වෙත සුභ පැතුම් එක්කරමින් වසර 35 කට අධික කාලයක් රට ජාතිය වෙනුවෙන් සිදු කල සේවය වෙනුවෙන් සිය ස්තුතිය පුද කළහ. අනතුරුව, මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් හමුදා සම්ප්‍රදායානුකුලව නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක වෙත සංකේතාත්මක සමරු තිළිණයක් ද ප්රදානය කළහ. උත්සවය අවසානයේ නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක ගේ 55 වන උපන්දිනය සැමරීම ද එහිදි සිදුවිය. තවද එහිදි සියලුමදෙනා නික්මයන මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක වෙත සුභ පැතුම් එක් කළහ.
best Running shoes brand | Nike