Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2018 12:17:20 Hours

කිලිනොච්චි භට පිරිස් ශ්‍රමදාන වැඩසටනක

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිකුරාදා (20) දින කල්විලන් සහ කොඩ්ඩිකක්ඩියාර්කුලම් ප්‍රදේශයේ දි ප්‍රජා සත්කාරක ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරන ලදි.

651 වන බලසේනාව යටතේ ස්ථාපිත 15 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භට පිරිස් කල්විලන් රජයේ දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළහ.

එමෙන්ම, 1 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් ද කොඩ්ඩිකක්ඩියාර්කුලම් වැව් බැම්ම පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කළහ.

මෙම ප්‍රජා සත්කාරක ව්‍යාපෘතින් කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවන ගේ උපදෙස් මත 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර පිරිස් ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරනු ලැබීය.

bridgemedia | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf