Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2018 17:02:49 Hours

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ පැවැත්වෙන හමුවක් සඳහා සහභාගිවීමට නියමිත මිළඟ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායම යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ

මාලදිවයිනේ පැවැත්වීමට නියමිත දින පහක අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දෙවන කණ්ඩායම ලෙස තවත් සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකාය (Maldives National Defence Force) බලා පිටත්ව යාමට නියමිතව ඇත. ඔවුන් අද (06) දින උදෑසන යුද්ධ හමුදාධිපති කාර්යාලයේ දී මෙම ව්‍යාපෘතියේ නියමුවානන් වන යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවී සිය ගමනට ආශීර්වාද ලබාගත්හ.

නව සංකල්පිය ප්‍රවේශයක් එක්කරමින් ආරක්‍ෂක අමාත්‍යංශයේ ආශීර්වාදය ඇතිව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උදාර සංකල්පයකට අනුව හමුදාවේ සියළුම ක්ෂේත්‍රයන් හා සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සහ ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මෙම හමුව සංවිධානය කිරීමෙහිලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය.

10 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ බළලත් නිලධාරි I එම්.යු.එම් සිරිසේන, විජයබාහු පාබල රෙජිමේන්තුවේ බළලත් නිලධාරී I එල්.පී. අජිත් සේනාධීර, ශ්‍රී ලංකා ඉංජිනේරු සේවා බලකායේ බළලත් නිලධාරී බළලත් නිලධාරී I ඩි.එම්. සමතපාල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බළලත් නිලධාරී I කේ.ඩබ්ලිව්.ඒ.එල්. ආරියවංශ යන ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සහ මෙවර පැවැත් වූ ලුතිනන් නිලයේ සිට කපිතන් නිලය දක්වා නිල උසස් කිරීමේ විභාගයෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා සංඥා බලකායේ ලුතිනන් අයි.ජි.එස්. බිනුක ඇතුළු කණ්ඩායමක් සෙනසුරාදා (07) දින මාලදිවයින බලා දිවයිනෙන් පිටත්වයාමට නියමිතය.

මාලදිවයින් ජාතික ආරක්‍ෂක බලකායේ දී පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රියාකාරි හමුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායම  වෙරළ ආරක්ෂක මෙහෙයුම්, අයතනික කුසලතා, ආරක්‍ෂක භූමිකාවන් සහ වෙනත් ක්ෂේත්‍රයන්හි වැදගත් කරුණු පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් සාකච්ඡා කිරීමට නියමිතය.

වෘත්තීමය යුද්ධ හමුදාවක් නිර්මාණය කිරීමෙහිලා ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින්ගේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් යුතුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානානායක ගේ සංකල්පයකට අනුව, විදේශ හමුදාවන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ අත්දැකිම් ලබාගැනීමට සහ එතුලින් කලාපීය යුද්ධ හමුදාවන් සමඟ ද්විපාර්ශවික සබඳතාවයන් පුළුල් කර ගැනීමේ අභිප්‍රාය ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධි විදාන සලසනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහ බංගලාදේශ යුද්ධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරින් (SNCOs) අතර පවත්නා සෘජූ සේවා සම්බන්ධතාවයන්හි සුවිශේෂි ප්‍රගතියක් අත්කර ගැනීමේ අරමුණින් 2018 මැයි මස බංගලාදේශයේ පැවැති පස්දින අන්තර් ක්‍රියාකාරි හමුවක් සඳහා ද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් පස්දෙනෙකු බංගලාදේශය බලා පිටත්ව ගියහ.

latest jordans | NIKE HOMME