Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th June 2018 16:20:57 Hours

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තු (UNDPKO) කණ්ඩායමක් යුද්ධ හමුදාධිපති හමුවේ

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියෝජිත පිරිසක් බදාදා (20) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ (UNDPKO) නියෝජිත පිරිස හා පැවති මෙම සුහද හමුවේදී ඉදිරි සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සූදානම සම්බන්ධයෙන් පවත්නා වත්මන් තත්ත්වය පිළිබඳව සොයා බැලු අතර යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරනු ලබන නිෂ්කාශණ ක්‍රියාවලිය සැබැදිව විස්තරයක් ඉදිරිපත් කරන ලදී.

යුද්ධ හමුදාධිපති කාර්යාලයේ පැවති මෙම හමුව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික, මේජර් ජෙනරාල් ධනන්ජිත් කරුණාරත්න, විදේශ මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජෙනරාල්, මේජර් ජෙනරාල් මර්වින් පෙරේරා සහ විදේශ මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂ, බ්‍රිගේඩියර් ප්‍රතාප තිලකරත්න ද එක්ව සිටියහ.

Buy Sneakers | Nike News