Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th June 2018 11:37:20 Hours

58 වන සේනාංක භට පිරිස් ගාලු වෙරළ පිරිසිදු කරයි

ලෝක පරිසර දිනයට සමගාමිව ගාල්ල ප්‍රදේශයේ පිහිටි 58 වන සේනාංකය යටතේ ස්ථාපිත 581 බලසේනාවට අයත් 16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ අනෙකුත් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සමඟ සම්බන්ධිකරණයෙන් රූමස්සල පිහිටි ජංගල් බිච් (Jungle beach) හි සිට ගින්තොට පාලම දක්වා වූ මුහුදු තීරය පිරිසිදු කිරීමේ දැවැන්ත ශ්‍රමදාන වැඩසටහනක් අඟහරුවාදා (05) දින ක්‍රියාත්මක කරන ලදි.

58 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සුදත් පෙරේරා ගේ උපදෙස් මත එම සේනාංක භට පිරිස් මෙම පිරිසිදු කිරීමේ වැඩසටහන සඳහා දායකත්වය දක්වන ලදි.

16 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ සහ 581 වන බලසේනාවේ භට පිරිස් විශාල ප්‍රමාණයක් මෙම වැඩසටහන සඳහා සහභාගි වූහ.

affiliate tracking url | Nike KD 14 Colorways, Release Dates, Price , Iicf