Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th June 2018 15:05:24 Hours

මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථාන භට පිරිස් ලෝක පරිසර දිනය සමරයි

ලෝක පරිසර දිනය සහ ජාතික රුක් රෝපණ සතියට සමගාමිව මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය පරිශ්‍රයේ දී සඳුදා (04) දින රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

පරිසරය සංරක්‍ෂණය කිරීමේ අරමුණින් 2018 මැයි 30 දින සිට 2018 ජූනි 05 දින දක්වා ජාතික රුක් රෝපණ සතිය ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම සතිය තුළ දී දිවයින පුරා පැළ විශාල ප්‍රමාණයක් සිටුවීමට ද නියමිතය.

මෙම ජාතික උත්සාහයට දායකවීම සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබීය.

වනාන්තර විනාශය හේතුවෙන් පීඩාවට පත්ව ඇති තෙත්බිම් ප්‍රදේශ වල ජල සම්පත ආරක්‍ෂා කිරීම සඳහා ද එය උපකාරයක් වනු ඇත.

මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් මෙම වැඩසටහන සඳහා සහභාගි වූ අතර, එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Sportswear Design | adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify