Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th May 2018 10:05:51 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් පකිස්තානු සංචාරයේ දී එරට ජනාධිපති හමුවේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, පකිස්තානු යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට මෑතකදි පකිස්තානයේ සිදුකල නිල සංචාරයක් අතරතුර ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ජනාධිපති මන්දිරයේ දී පකිස්තානු ඉස්ලාමීය ජනරජයේ අතිගරු ජනාධිපති මම්නුන් හුසේන් (Mamnoon Hussain) හමුවීමේ ඉතා දුර්ලභ අවස්ථාවක් හිමිවිය.

එම සුහද හමුවේ දී පකිස්තානු ජනාධිපතිතුමන් ශ්‍රී ලංකාව හා පකිස්තානය ත්‍රස්තවාදයට නිර්භීතව මුහුණුදුන් රටවල් දෙකක් බවත් දෙරට අතර ආදර්ශමත් සබඳතාවය පිළිබඳ නැවත නැවතත් අවධාරණය කරනු ලැබීය. මේ සම්බන්ධව නිකුත් කළ ජනාධිපති මාධ්‍ය නිවේදනයේ “ශ්‍රී ලංකාව සමඟ සිය මිත්‍රත්වය ගැන පාකිස්තානය ආඩම්බර වන බවත්, සිය අවංක මිත්‍රත්වය පවත්වාගනිමින් විවිධ ක්ෂේත්‍රයන්හි පුර්ණ සහයෝගයෙන් යුතුව කටයුතු කරන බව” වාර්තා වී ඇත.

මෙවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාව උදාකරදීම පිළිබඳ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පකිස්තානු ජනාධිපතිතුමා වෙත සිය කෘතඥතාවය පළකළ අතර, අනාගතයේ දී දෙරට අතර ද්වීපාර්ශවික සහයෝගිතාව තවදුරටත් වර්ධනය වන බව වැඩිදුරටත් පැවසීය. තවද එම මාධ්‍ය නිවේදනයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එරට නවාතැන්ගත් කාලවකවානුව තුලදී ලබාදුන් ආගන්තුක සත්කාර පිළිබඳව සිය සතුට ප්‍රකාශ කර ඇති අතර, බුදුදහමේ ආරම්භයේ සිටම පකිස්තානය හා ශ්‍රී ලංකාව අතර බෞද්ධ උරුමයන් හුවමාරු වූ බවත් එහි වාර්තා වී ඇත.

මෙම සුහඳ හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ පකිස්තානු ජනාධිපති අතිගරු ජනාධිපති මම්නුන් හුසේන් අතර හොඳ හිත සහ සහයෝගීතාවය වර්ධනය කරමින් සංකේතාත්මකව සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.

පකිස්තාන යුද්ධ හමුදා ප්‍රධානි ජෙනරාල් කමාර් ජවේඩ් බජ්වා (General Qamar Javed Bajwa) ගේ ආරාධනාවකට අනුව ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අප්‍රේල් මස අවසන් සතියේ සිදු කළ මෙම පකිස්තාන සංචාරයේ දී යුද්ධ හමුදා ආයතන සහ යුධෝපකරණ කර්මාන්ත ශාලා කිහිපයකම සංචාරය කිරීමෙන් අනතුරුව රාවල්පින්ඩි ප්‍රධාන මුලස්ථානයේ දී සාකච්ඡාවක් ද පවත්වන ලදි.

මෙහිදි ඉස්ලමාබාද් නුවර, පිහිටි අග්‍රාමාත්‍ය ලේකම් කර්යාලයේදී පකිස්තාන අග්‍රාමාත්‍ය ගරු ෂාහීද් ඛාන් අබ්බාසි (Hon. Prime Minister of Pakistan, Shahid Khaqan Abbasi) මැතිතුමන් හමුවීමේ ස්වර්ණමය අවස්ථාවක් ද යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත හිමිවිය.

affiliate link trace | nike