Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2018 22:32:31 Hours

8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ත්‍රිවිධ හමුදා ආචාර මධ්‍යයේ ඇරඹේ

8 වන පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ආරම්භයේ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් වෙත පාර්ලිමේන්තු සම්ප්‍රදායානුකූලව යුද්ධ, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයින්ගෙන් සැදුම්ලත් වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියක් අඟහරුවාදා (08) දින මධ්‍යයහනයේ බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට සපැමිණි අතිගරු ජනාධිපතිතුමන්ව සම්ප්‍රදායානුකුලව ගරු කථානායක කරු ජයසුරිය මහතා ඇතුළු පාර්ලිමේන්තු මහලේකම්වරුන් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ත්‍රිවිධ හමුදා සම්මාන ආචාරය පිළිගැනිම සඳහා අතිගරු ජනාධිපතිතුමන් වෙත ආරාධනා කරන ලදී.

ගරු අග්‍රාමාත්‍ය, ගරු කථානායක, අමාත්‍යවරුන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදා විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරින් 2 ක් සහ සෙසුනිලයින් 33 ක් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරින් 4 ක් සහ සෙසුනිලයින් 96 දෙනෙකුගෙන් සමන්විත වර්ණ ධජයන් පෙරටු කරගත් සම්මාන ආචාර පෙළපාලිය අතිගරු ජනාධිපතිතුමන් වෙත ගෞරවාන්විතව පිරිනමනු ලැබීය.

මෙම උත්කර්ෂවත් උත්සවය නිමාවට පත් කරමින්, මෙවැනි රාජ්‍ය සම්මාන පෙළපාලියක සම්ප්‍රදායානුකූලව සිදු කරනු ලබන සම්මාන ආචාරයක් ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව විසින් සම්මාන වෙඩි මුර 21 ක් ද ගුවනට මුදා හරිනු ලැබීය.

නිළ වශයෙන් පිළිගැනීමේ උත්සවය අවසන්වීමෙන් අනතුරුව ජනාධිපතිතුමා රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවනු ලැබීය.

ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ පළමු රැස්වීම 1947 ඔක්තෝබර් 14 දින පවත්වන ලද අතර එම රැස්වීමේ මුලාසනය සර් හෙන්රි මොන්ක්-මේසන් මූඅර් (Governor Sir Henry Monck-Mason Moore) ආණ්ඩුකාරවරයා විසින් හොබවන ලදි. එහිදි එතුමන් රාජාසන කථාව සිදුකරමින් සැසිය ආරම්භ කළහ.

ජනාධිපතිතුමන් රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රකාශය කියවිමෙන් පසුව උත්සවයේ අවසන් අදියර ආරම්භ විය.

latest Nike Sneakers | Buy online Sneaker for Men