Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th September 2017 19:02:40 Hours

රුසියානු තානාපති කාර්යාලයේ යුධ හා නාවික කටයුතු පිළිබඳ උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ යුධ හා නාවික කටයුතු පිළිබඳ උපදේශක කර්නල් ඩිමිට්රි ඒ. මික්හයිලොවොස්කි අඟහරුවාදා (12) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපති කර්යාලයේ පැවති මෙම සුහද හමුවේ දී, දෙරට අතර පවත්නා හමුදා සහයෝගිතාවය සහ පුහුණු වැඩසටහන් පිළිබඳව අදහස් හුවමාරු කරගත් අතර, විශේෂයෙන්ම විශේෂ බලකා සහ ප්‍රහාරක බලකා වෙනුවෙන් හමුදා අධ්‍යාපන අවස්ථා ලබාදීම පිලිබඳව ද සාකච්ඡාවන්ට ලක්විය.

මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

best Running shoes brand | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp