Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th September 2017 17:53:41 Hours

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් පාසැලේ හදිසි ආපදා තත්ත්වයට පිලියම් යොදයි

බටහිර ආරක්ෂක සේනා මුලස්ථනායට අයත් 58 වන සේනාංකය යටතේ වු 583 බලසේනාවට අනුයුක්ත ගැමුණු හේවා බලකා භට පිරිස් විසින් රත්නපුර සුමන බාලිකා විදුහල් භූමිය අවට කඳු ශීර්ෂ වලින් අධික වර්ෂාව හේතුවෙන් ගලා පැමිණිය හැකි මඩ මිශ්‍ර ජලය වැලැක්වීමට වහාම ක්‍රියාත්මක වී සෙනසුරාදා (09) දින ආරක්ෂක වැලි කොට්ට පවුරක් ඉදිකරමින් හදිසි ආපදා තත්වය මැඩ පවත්වා ඇත.

අයහපත් කාලගුණික තත්තවය සහ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් කඳු මුදුන් සිට පහලට ගසා ගෙන එන ජල පහරවල් සහ ඒ ආශ්‍රීත මඩ විදුහල් භුමියේ ගොඩනැගිලිවලට සහ පාසැල් සිසුන්ගේ ජිවිත වලට එම අවස්ථාවේදී තර්ජන එල්ල කරමින් පැවතුණි.

ක්‍රමයෙන් වර්ධනය වු හදිසි ආපදා සහ අනතුරුදායක තත්ත්වය පිලිබඳව පාසැල් විදුහල්පතිතුමිය විසින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ දැනුවත් කිරීමෙන් අනතුරුව, ඒ අනුව ලැබු උපදෙස් මත ක්‍රියාත්මක වූ 58 සේනාංකයට යටතේ වු 583 වන බලසේනා භටපිරස් විසින් විදුහල් භූමියේ දකුණු ඉවුරේ මෙසේ වැලිකොට්ට ආරක්ෂක පවුරක් ඉදිකරමින් අපදා අනතුරුදායක තත්ත්වය වලක්වාලීමට පියවර ගත්හ.

8 වන ගැමුණු හේවා බලඇණියට අයත් භට පිරිස් 21 දෙනෙකු විශාල ගල්, උපකරණ සහ වැලි ආධාර කොට ගෙන අධික වර්ෂාපතනයෙන් තරවදුරටත් ප්‍රදේශය ඛාදනයවීම පැය කිහිපයක් තුල වලක්වාලීමට මෙසේ කටයුතු කොට තිබේ.

latest Running | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp