Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th September 2017 13:04:53 Hours

683 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පුදුකුඩිරිප්පු ප්‍රදේශයේ ස්ථාපිත 683 වන බලසේනාවේ 7 වන කාර්ය නියුක්ත බලසේනාධිපති ලෙස කර්නල් ඩී.පී. ජයසිංහ සඳුදා (28) දින රාජකාරි භාරගනු ලැබීය.

බලසේනා මුලස්ථානයට සපැමිණි නව බලසේනාධිපතිතුමන් වෙත සම්ප්‍රදායානුකුල කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, නව බලසේනාධිපතිතුමන් විසින් මෙම අවස්ථාව සිහිවනු වස් බලසේනා පරිශ්‍රයේ පැළයක් රෝපණය කළහ. ඉන් අනතුරුව, එම බලසේනා මුලස්ථානයේ භටපිරිස් ඇමතීමෙන් පසු සියලුනිල තේපැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

මෙම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින් සහ 683 වන බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

url clone | Nike Shoes