02nd August 2017 14:29:58 Hours
ශ්රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තනාපති කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් මහතා උතුරු ප්රදේශයේ නිරත වු සංචාරය අතරතුර, ඉරිදා (30) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එහි ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන හමුවිය.
එමෙන්ම, මෙම සුහද හමුවේ දී දේපාර්ශවය විසින් කිලිනොච්චි ප්රදේශයේ පවතින වර්තමාන තත්වය පිළිබඳව අදහස් හුවමාරු කරගත්හ.
මෙම හමුව අවසානයේ දී මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් ආරක්ෂක උපදේශකවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමු අතර, විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි අත්සන් තැබීමට ද ආරක්ෂක උපදේශකවරයා මෙහිදි අමතක නොකළහ.
Asics footwear | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf