Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2017 14:01:43 Hours

නව නිපැයුම් ප්‍රදර්ශනය බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ නව නිර්මාණ සහ කුසලතා විදහා දැක්වීම වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භට පිරිස් නිර්මාණය කළ නව නිපැයුම් 24 ක් ඇතුලත් ප්‍රදර්ශනයක් සිකුරාදා (14) දින බටහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වූ මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා ප්‍රදර්ශනය විවෘත කරනු ලැබීය.

මෙම ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් තෝරාගැනීම ලුතිනන් කර්නල් එස්.ඩි. උදයසේන, ජාතික විද්‍යා සහ තාක්ෂණ නව නිර්මාණ පිළිබඳ ඒකකයේ පර්යේෂක රන්ජන් ජෝෂප් මහතා සහ කාර්මික ඉංජිනේරු පාසලෙහි ජ්‍යෙෂ්ඨ පර්යේෂක ඉංජිනේරු ඒ.ඒ.එම්.ටි අධිකාරි මහතා විසින් සිදු කරන ලදි. එම ප්‍රදර්ශනයේ ජයග්‍රාහකයින් පිළිවෙලින්;

ප්‍රථම ස්ථානය - 12 වන ශ්‍රී ලංකා සංඥා බලකායේ නව පරිගණක මෙහෙයුම් පද්ධතිය

දෙවන ස්ථානය - 2 වන ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ චුම්භක බලයෙන් ක්‍රියාකරන ලද විදුලි එන්ජිම

තෙවන ස්ථානය - 1 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ යතුරු පැදි එන්ජිමක් උපයෝගී කරගනිමින් නිර්මාණය කළ සැහැල්ලු මෝටර් රථය

Sneakers Store | FASHION NEWS