Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th April 2017 18:37:12 Hours

රණවිරු සෙවණේ නේවාසික ආබාධිත රණවිරුවන් හට යුද්ධ හමුදාධිපතිතුමාගෙන් ත්‍යාග

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිංහල සහ ‍දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් බදාදා (26) දින උදෑසන ආබාධිත රණවිරුවන් 115 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින රාගම රණවිරු සෙවණේ සංචාරයක නිරත විය.

රණවිරු සෙවණ වෙත පැමිණි යුද්ධ හමුදාධිපතිවරයා, රෝද පුටුවක රැදිසිටින ආබාධිත රණවිරුවකු විසින් බුලත් හුරුල්ලක් දී පිළිගත් අතර යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජිව මුණසිංහ, විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, පුනරුප්තාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ තිරුනාවුකරසු, රණවිරු සෙවණේ සේනාවිධායක බ්‍රිගේඩියර් හේමන්ත කුලතුංග ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

රණවිරු සෙවණේ නේවාසිකයින් සමඟ එක්වෙමින් ඔවුන් සමඟ සුහද පිළිසඳරක නිරත වු යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන්හට අවුරුදු සුභපැතුම් එක්කරමින් ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනු ලැබිය. අනතුරුව ඔවුන්ගේ ‍අවශ්‍යතාවයන් පිළිබඳව විමසා සිටි එතුමා ඔවුන්හට අලුත් අවුරුදු ත්‍යාග පර්සල් ද පිරිනමනු ලැබු අතර, නේවාසිකයින්ගේ පහසුකම් උසස් මට්ටමක පවත්වා ගැනිම පිළිබඳව ද විමසා සිටිනු ලැබිය.

එමෙන්ම යුද්ධ හමුදාධිපතිවරයා ඉදිකරමින් පවතින කෘතිම අත්පා නිෂ්පාදන ආයතනයේ සංචාරයක නිරත වෙමින් එහි ඉදිකිරිම් සිදු කරනු ලබන ඉංජනේරු සේවා බලකායේ භට පිරිස් සමග පිළිසඳරක යෙදුනු අතර එම බලකායේ අණදෙන නිලධාරි විසින් එහි වත්මන් ප්‍රගතිය පිළිබඳව එතුමා දැනුවත් කරනු ලැබිය.

රණවිරු සෙවණේ නිලධාරින් සහ සෙසුනිලයින් ඇමතු යුද්ධ හමුදාධිපතිවරයා ඔවුන් ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සිදු කරනු ලබන කැපවිම පිළිබඳව සිය කෘතඥතාවය පළ කර සිටි අතර, අනතුරුව එතුමා නේවාසික රණවිරුවන් සමග තේපැන් සංග්‍රහයකට ද එක්වුහ.

යුද්ධ හමුදාධිපතිවරයාගේ රණවිරු සෙවණ සංචාරයට සමගාමිව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක කොළඹ යුද්ධ හමුදා රෝහලේ සංචාරය කරමින් එහි නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගින්හට ත්‍යාග පර්සල් පිරිනමනු ලැබිය. එමෙන්ම ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත කණ්ඩායම්, කොළඹ යුද්ධ හමුදා රෝහල, කොළඹ ජාතික රෝහල, කොළඹ අක්ෂි රෝහල, පනාගොඩ යුද්ධ හමුදා මුලික රෝහල, පලාලි යුද්ධ හමුදා මුලික රෝහල, යාපනය හා අනුරාධපුර මුලික රෝහල් සහ අනුරාධපුර ශික්ෂණ රෝහල, වව්නියාව යුද්ධ හමුදා කේෂත්‍ර රෝහල, අනුරාධපුර අභිමන්සල -1, මන්නාරම හමුදා රෝහල, මින්නේරිය යුද්ධ හමුදා මුලික රෝහල, අම්පාර මහ රෝහලේ යුද්ධ හමුදා වාට්ටු, වැලිකන්ද මුලික රෝහලේ යුද්ධ හමුදා වාට්ටු, කිලිනොච්චි යුද්ධ හමුදා මුලික රෝහල, මුලතිව් යුද්ධ හමුදා මුලික රෝහල, නුවර මහ රෝහල, දියතලාව යුද්ධ හමුදා මුලික රෝහල, කඹුරුපිටිය අභිමන්සල - 2, පාන්ගොල්ල අභිමන්සල -3, මහරගම පිළිකා රෝහල, ශ්‍රී ජයවර්ධනපුර රෝහල සහ අංගොඩ මානසික රෝහල යන රෝහල් හි සංචාරය කරමින් එවායේ හි නේවාසිකව ප්‍රතිකාර ලබන යුද්ධ හමුදා සමාජිකයින්හට ත්‍යාග පර්සල් ප්‍රදානය කරනු ලැබුහ.

buy footwear | adidas Yeezy Boost 350