Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2017 13:58:43 Hours

නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානය ‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් සංවිධානය කරයි

නැගෙනහිර ආරක්ෂක මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ජීවිතය ප්‍රීතිමත් කර ගත හැකි ආකාරය ‘How Life Can be Made Happy’ පිළිබඳ වැඩමුළුවක් එම මුලස්ථාන ශ්‍රවණාගාරයේ දී සෙනසුරදා (18) දින පැවත්වනු ලැබිය.

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත මෙම වැඩසටහන ආරම්භ කරන ලදි.

ප්‍රවිණ ඡ්‍යෝතීර්වේදි වෛද්‍ය කාන්චන කොහොඹන්ගේ, විසින් පවුල් සමාජිකයන් සමගින් ප්‍රිතිමත් ජිවිතයක් ගත කරනා ආකාරය පිළිබඳව දේශනයක් ද එමෙන්ම මානසික ආතතීය වලක්වා ගත හැකි ක්‍රිම පිළිබඳව ද භට පිරිස් දැනුවත් කරන ලදි.

නිලධාරින් සහ සෙසුනිලයින් 1400 කට වැඩි පිරිසක් මෙම වැඩමුළුව සඳහා සහභාගි වුහ.

Best Authentic Sneakers | Air Jordan