Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

22nd March 2017 10:56:11 Hours

‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’වැඩසටහන පැවැත්වේ

යුද හමුදාපතිතුමාගේ මඟපෙන්විම යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා නිලධාරින් සහ සෙසුනිලයින් සඳහා ධනාත්මක ආකල්ප සහ මානසික සෞඛ්‍ය වර්ධනය කිරිමේ අරමුණින් යුතුව ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’ යන මැයෙන් එක් දින වැඩසටහනක් පනාගොඩ ක්‍රීඩාගාරයේ දී පවත්වන ලදි.

මෙම වැඩසටහන බ්‍රහස්පතින්දා (21) දින උදැසන 0900 ට පමණ ආරම්භවි එදින සන්ධ්‍යාව තෙක් පැවති අතර, යුද හමුදාවේ සියලුම ආයතන ආවරනය වන පරිදි නිලධාරින් 78 දෙනෙක් සහ සෙසුනිලයින් 1115 ක් මේ සඳහා සහභාගි වුහ.

ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම විකිරණවේදි විශේෂඥ වෛද්‍ය බ්‍රිගේඩියර් ඩි.ටි.ඒ. මුණසිංහ විසින් මෙහි ආරම්භක දේශනය පවත්වන ලදි.

මෙම වැඩසටහනේ පළමු දේශනය ලෙස බ්‍රිගේඩියර් (වෛද්‍ය) ඒ.එස්.එම්.විපේවර්ධන විසින් ‘දිගු දිවියට රහස්’ යන මැයෙන් ද දෙවන සැසියේ දී වෛද්‍ය නිල් ප්‍රනාන්දු විසින් ද තෙවන සැසියේ දී වෛද්‍ය නදිකා චන්ද්‍රරත්න විසින් පිළිවෙලින් ‘කාන්තාවන් හා සම්බන්ධ ජිවන නිපුණතා’ හා ‘කාර්ය බහුල ජිවන රටාව තුළ කාන්තාවකගේ භුමිකාව’ පිළිබඳව දේශන පවත්වන ලදි

මෙම සැසිය අවසානයේ කර්නල් ආර්.එම්.එම්.මොණරාගල විසින් ‘තෘප්තිමත් හමුදා ජිවිතයක්’යන මැයෙන් දේශනයක් පවත්වන ලදි.

bridge media | NIKE HOMME