Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st March 2017 13:57:39 Hours

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 4 වන සංවත්සරය සමරයි

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයේ 4 වන සංවත්සරයට සමගාමීව, මාර්තු මස 3 සිට 16 දින දක්වා සම්ප්‍රදානුකුල ආගමික වතාවත් සහ හමුදා උත්සවයන් සමගින් සංවත්සර උත්සවය පැවැත් විය.

භට පිරිස් සංවිධානය කළ පුණ්‍ය වැඩසටහනක් ලෙස සිකුරාදා (03) දින බණ්ඩාරවෙල, අඹේවෙල ප්‍රදේශයේ සිරි සගබෝ ළමා නිවාසයේ දරුවන් සඳහා දිවා ආහාර වේලක් ද ලබාදුන්හ.

අනතුරුව, ශ්‍රී දළදා මාලිගාවේ පැවති ආගමික වැඩසටහනේ දී ධජයට සහ කාර්ය මණ්ඩලයට ආශිර්වාද කළ අතර, යුද්ධයේදි මියගිය රණවිරුවන් සඳහා පිංපැමිණවිමක් ද සිදු කලහ.

සංවත්සර උත්සවයට සමගාමීව, මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති පි.යු.එස්. විතානගේ වෙත කඳවුරු සම්මානමුරයක් සහ සම්මාන පෙළපාලියක් 18 වන ගැමුණු හේවා බළඇණියේ භට පිරිස් විසින් පිරිනමන ලදි.

ආඥාපතිතුමන් සංවත්සර උත්සවය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ දී පැළයක් ද රෝපණය කළ අතර, සේනාංකාධිපතිවරු, බලසේනාධිපතිවරුන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟින් ඡායාරුපයකට පෙනි සිටිම සහ සියලු නිලයින් සමඟ දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගි වුහ.

මෙම සංවත්සර උත්සවයේ අවසන් අවස්ථාව ලෙස මධ්‍යම ආරක්ෂක ‍සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් දියතලාව, මුතුකුමරු ක්‍රිඩාංගනයේ දී සන්ධ්‍යාවේ පැවති සංගිත ප්‍රසංගය සඳහා සියලු නිලයන් ද සහභාගි වුහ.

Nike air jordan Sneakers | adidas Yeezy Boost 350