Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th December 2016 10:24:37 Hours

හෘදය ආශ්‍රීත ගැටලු පිළිබඳ යුද හමුදා රෝහලේ කාර්ය මණ්ඩලය දැනුවත් කෙරේ

කොළඹ යුද හමුදා රෝහලේ නිර්වින්දන ඒකකය විසින් හෘද පුප්පුශීය ප්‍රතිජීවනය පිළිබඳව එම රෝහලේ හෙද නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් සිකුරාදා (02) දින පවත්වන ලදි.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ සහ යුද හමුදා රෝහලේ අධ්‍යක්ෂ කර්නල් ක්‍රිෂාන්ත ප්‍රනාන්දුගේ මඟපෙන්වීම යටතේ පැවැත් වූ 22 වන වැඩමුළුව මෙය වේ.

එමෙන්ම, වෛද්‍ය කාර්ය මණ්ඩලයේ දැනුම වර්ධනය කිරීමේ අරමුණින් මෙවැනි සායන පුහුණු වැඩමුළු සෑම මසකම පවත්වනු ලැබේ.

යුරෝපීය ප්‍රතිජීවන කවුන්සිලයේ නිර්වින්දන ඒකකයේ ප්‍රධානී කර්නල් ධවල පෙරේරා සහ නිර්වින්දන විශේෂඥ වෛද්‍ය ලුතිනන් කර්නල් චම්පික අබේසිංහ විසින් අවශ්‍ය උපකරණ ලබාදෙමින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබීය.

මෙහිදි මේජර් යසාර් පතිරණ, වෛද්‍ය කේ.යූ. මදුෂංක, වෛද්‍ය එස්. විද්‍යාෂාහාරන සහ වෛද්‍ය සී.එල්. ආනන්දරාජා විසින් සහභාගිවූවන් පුහුණු කිරීම සිදු කෙරිනි.

latest jordans | FASHION NEWS