30th November 2016 16:54:30 Hours
කුරුණෑගල පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි අභිමංසල - 3 සුවසහන මධ්‍යස්ථානයෙහි නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන් නොවැම්බර් මස 23 සිට 25 වන දින දක්වා අනුරාධපුර සහ ත්‍රිකුණාමළය දිස්ත්‍රික්කයෙහි සංචාරයක නිරත විය.
අභිමංසල - 3 හි සේනාවිධායක සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලයෙහි සහයෝගයෙන් යුතුව සංවිධානය කරනු ලැබූ මෙම සංචාරයේ දී නේවාසික විරුවන් අටමස්ථානය , සදහිරු සෑය, අනුරාධපුර වැදගත් ස්ථාන, සේරුවාවිල මංගල මහා සෑය, මාවිල්ආරු වාන් දොරටුව, ත්‍රිකුණාමලය උණුවතුර ළිං, මාබල් වෙරළතීරය සහ කෝනේෂ්වරම් පල්ලිය ඇතුළු වැදගත් ස්ථාන රැසක් නරඹනු ලැබීය.
Sportswear Design | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News