24th November 2016 12:40:14 Hours
නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජේ.ආර්. කුලතුංග බ්‍රහස්පතින්දා (17) දින අනුරාධපුර මහානායක හිමිවරුන් බැහැ දැක වැඳ පුදා ගනිමින් ආශීර්වාද ලබා ගන්නා ලදි.
ප්‍රථමයෙන් ජය ශ්‍රී මහා බෝධිය වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අටමස්ථානාධිපති අති පූජ්‍ය පල්ලේගම සිරිනිවාසාභිධාන නායක ස්වාමින් වහන්සේ හමු වී උන්වහන්සේ වෙත අට පිරිකර පූජා කරන ලදි. එහිදි උන්වහන්සේන නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙත ආශීර්වාද කළ අතර, ඉදිරි කටයුතු සඳහා සුභ පැතුම් ද එක් කළහ.
අනතුරුව, මේජර් ජෙනරාල් කුලතුංග මිරිසවැටිය, ලංකාරාමය, ජේතවනාරාමය, රුවන්වැලි මහා සෑය, අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරය යන විහාරයන්හි නායක ස්වාමින් වහන්සේලා හමු වී ආශීර්වාද ලබා ගන්නා ලදි.
එමෙන්ම නව වන්නි ආරක්ෂක සේනා ආඥාපති, මේ වන විට ඉදිකරමින් පවතින අනුරාධපුර සඳහිරුසෑය වෙත ගොස් එහි ඉදිකිරිම් කටයුතු නිරික්ෂණය කරමින් සංකේතාත්මකව ගඩොලක් ද තැන් පත් කොට ඒ සඳහා දායකත්වය දක්වනු ලැබීය.
21 වන සේනාංකයේ සේනාංකධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම තවත් නිලධාරීන් ද මේ සඳහා එක්ව සිටියහ.
Nike Sneakers | Shop: Nike