21st November 2016 19:17:21 Hours
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නවතමයෙන් ඉදිකළ “පහසුකම් මධ්‍යස්ථානය” ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් බ්‍රහස්පතින්දා (17) දින විවෘත කරන ලදි.
මෙහි පැමිණි ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන්ව, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජි.වි.යු.ඩි.ඒ. පෙරේරා විසින් පිළිගනු ලැබිය.
නවතමයෙන් ඉදිකළ මෙම “පහසුකම් මධ්‍යස්ථානය” විවෘත කිරීමෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා විසින් උත්සව සභාව ඇමතු අතර, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දැවැන්ත ප්‍රගතිය පිළිබඳව සිය සතුට ද ප්‍රකාශ කළේය.
Authentic Sneakers | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth