Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

සෙබලුන්ගෙන් දමිල විද්‍යාලය සඳහා නව පුස්තකාල ගොඩනැගිල්ලක්

කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය සහ 16 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුව එක්ව කිලිනොච්චි කනගෛයිබිකුලම් දමිල විද්‍යාල ඉදි කරනු ලැබූ නව පුස්තකාල ගොඩනැගිල්ල බදාදා (16) දින පැවති චාම් උත්සවයේ දී සිසු අයිතියට පත් කරනු ලැබීය.

එම පාසලේ දීර්ඝකාලයක් පුරා පැවති අඩුපාඩුවක් වූ එම පුස්තකාල ගොඩනැගිල්ල ඉදි කිරීම සඳහා සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම විසින් රුපියල් ලක්ෂ 3.9 ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර ඇත.

බදාදා (16) පැවති එම පුස්තකාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් අනුර සුදසිංහ, සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ආයතනයේ සාමාන්‍ය අධිකාරී ටී. විජයන්ත මහතා, කිළිනොච්චි සෙලින්කෝ ලයිෆ් රක්ෂණ ආයතනයේ සාමාන්‍ය අධිකාරී උදයශන්කර් මහතා, සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පෙරිනාපරජා මහතා, කනගෛයිබිකුලම් දමිල විද්‍යාලයේ විදුහල්පති එස්. සුන්දරලිංගම් මහත්මිය, කනගෛයිබිකුලම් දමිල විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, පාසල් සිසුන් සහ 571 බලසේනාවේ බලසේනාධිපති කර්නල් අජිත් කොළඹතන්ත්‍රි සමගින් හමුදා නිලධාරීන් රැසක් සහභාගි වූහ.

කිලිනොච්චි ආරක්ෂ සේනා ආඥාපතිතගේ උපදෙස් මත පසුගිය වසරයන්හි දී එම ප්‍රදේශය සංවර්ධන කරමින් සුබසාධන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර, සිවිල් වැසියන්ගේ සහ ළමුන්ගේ අධ්‍යාපනය, සෞඛ්‍ය තත්වය නගා සිටුවීම සඳහා විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කර ඇත.

Running sports | Air Jordan