Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

16th October 2016 22:25:56 Hours

වන්නි සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ සදහා දායක වේ

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රිඩකයන් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන විසින් දියත් කල ගාල්ල කරාපිටිය ශීක්ෂණ රෝහලේ පිළිකා ඒකකය පුළුල් කිරිම සදහා අරමුදල් රැස්කිරිම වෙනුවෙන් ‘සුවතාවය සදහා එකමුතුකමේ පාගමන’ මිට දින කිහිපයකට ප්‍රථම යාපනයෙන් ආරම්භ වු අතර බ්‍රහස්පතින්දා (13) දින වව්නියාවට ලගා විය. එහිදි වන්නි ආරක්ෂක සේනා බල ප්‍රදේශයට අයත් ත්‍රිවිධ හමුදා භට පිරිස් සහ වව්නියාවේ ජනතාව විසින් ඔවුන් පිළිගන්නා ලදි.

පේදුරු තුඩුව ප්‍රදේශයෙන් ආරම්භ වු මෙම පාගමන දෙවුන්දර තුඩුව ප්‍රදේශයෙන් අවසන් විමට නියමිත අතර, එම ව්‍යාපෘතිය මගින් ඇමෙරිකානු ඩොලර් මිලියන 5 ක මුදලක් එක්රැස් කිරිමට අපේක්ෂිතය.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන බල ප්‍රදේශයට පැමිණි හිටපු ශ්‍රි ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඇතුළු කණ්ඩායම වෙත වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා ගේ උපදෙස් මත නවාතැන් පහසුකම් සහ අනෙකුත් සියළු පහසුකම් ලබා දෙන ලදි.

සිකුරාදා දින පාගමන ආරම්භයට පෙර හමුදා සාමාජිකයන් විසින් මෙම ව්‍යාපෘතිය සදහා තම මුල්‍යමය දායකත්වය ලබාදෙන ලදි.

යුද්ධ හමුදාපතිතුමාගේ මග පෙන්විම යටතේ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් පාගමන සදහා සහභාගි වුවන් වෙනුවෙන් නවාතැන් පහසුකම්, ආහාර පාන සපයන ලදි. මේ අතර 55 සේනාංක භඨ පිරිස් විසින් ශාන්ත ෂේවියර් ක්‍රිඩාංගනයෙන් ආරම්භ වු මෙම පාගමන සදහා පුර්ණ සහයෝගය ලබා දුන් අතර අරමුදල් රැස් කිරිම සදහා ද සහයෝගය ලබාදෙනු ලැබීය.

යාපනය ප්‍රදේශයෙන් ආරම්භ වු පාගමන සදහා භට පිරිස් විසින් පානීය ජලය ලබාදුන් අතර යාපනය ප්‍රදේශයේ ස්ථාපිත 51 වන සේනාංකය විසින් රු. 30,000.00 ක මුදලක් මෙම ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කරනු ලැබුහ.

Sports News | Air Jordan 1 Retro High OG University Blue - Gov