Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th October 2016 16:25:22 Hours

සියලුම ආරක්ෂක සේනා මුලස්ථාන 67 වන යුද හමුදා සංවත්සරය සමරයි

67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් දිවයින පුරා ස්ථාපිත ආරක්ෂක සේනා මුලස්ථානයන්හි සංවත්සර සැමරුම් වැඩසටහන් සංවිධානය කරන ලදි.

ඒ අනුව යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන භට පිරිස් විසින් යාපනය ආයුර්වේද ශික්ෂණ රෝහල සමඟ සම්බන්ධතාවයෙන් යුතුව ඖෂධීය පැළ සිටුවිමේ ව්‍යාපෘතියක් එම ආරක්ෂක සේනා මුලස්ථාන ගොවිපලේ දී සිදු කරන ලදි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මගපෙන්විම යටතේ යුද හමුදා සාමාජිකයින් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව, සිඝ්‍රයෙන් වඳ වී යන දේශීය ඹෟෂධීය ශාක රැක ගැනිමේ අරමුණින් යුතුව ඉරිදා (09) දින මෙම පැළ සිටුවිමේ ව්‍යාපෘතිය සිදු කළ අතර, එය සංවත්සර සැමරුම් උත්සවයේ එක් අංගයක් ද විය. එමෙන්ම, යාපනය ශික්ෂණ රෝහලේ රොහල් ලේ බැංකුවේ ඉල්ලීම මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ පිහිටි 52 වන සේනාංක භට පිරිස් විසින් එම සේනාංකාධිපති බ්‍රිගේඩියර් අරුණ වන්නිආරච්චිගේ උපදෙස් මත ඉරිදා (09) දින ලේ දන්දීමේ වැඩසටහනක් ද පවත්වන ලදි.

මේ අතර, යාපනය ශික්ෂණ රෝහලේ ලේ බැංකුවේ ඉල්ලීම මත 51 වන සේනාංකයේ සේවයේ නියුතු යුද හමුදා සාමාජිකයින් 102 ක් ද යුද හමුදා දිනයේ දී (10) එම රෝහල වෙත ගොස් ලේ දන්දීම සිදු කරන ලදි. මෙම අවස්ථාව සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මර්වින් පෙරේරා ද එක්ව සිටියහ.

තවද, වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයත් යුද හමුදා දිනයට සමගාමිව ඉරිදා (09) දින ආගමික වතාවත් සිදු කළ අතර, ඒ අනුව බෝධි පූජා පිංකමක්, ක්‍රිස්තියානි දේව මෙහෙයක් සහ මුස්ලිම් දේව මෙහෙයක් වව්නියාව ප්‍රදේශයේ පිහිටි ඒ ඒ ආගමික ස්ථාන වල දී සිදු කරන ලදි.

වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී යුද හමුදා දින යුද හමුදා ධජය එසවිම, යුද හමුදාපතිතුමාගේ පණිවිඩය කියවිම සහ රැක් රෝපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කරන ලද අතර, මෙම වැඩසටහන සඳහා වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් කර්නල් ඩි.බි.ජයසිංහ සහභාගි විය. එදින සන්ද්‍යාවේ වව්නියාව ආයුර්වේද රෝහල් පරිශ්‍රය සුද්ධ පවිත්‍ර කිරීම ද එම භට පිරිස් විසින් සිදු කළහ.

මෙම සංවත්සර සැමරුම් වැඩසටහන නිමිත්තෙන් නැගෙනහිර ආරක්ෂක සේනා මුල්සථානය විසින් සිදු කළ හමුදාමය උත්සව කටයුතුවලට අමතරව වැලිකන්ද රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන කටයුත්තක් ද එදිනම සිදු කරනු ලැබිය. මෙම කටයුතු සංවිධානය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්විම යටතේ සිදු කෙරිනි.

එමෙන්ම, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් යුද හමුදා දින සැමරුම් වැඩසටහන වෙනුවෙන් යුද හමුදා ධජය එසවිම, රැක් රෝපනය කිරිම, යුද හමුදාපතිගේ පණිවිඩය කියවිම සහ කිලිනොච්චි මුලික රෝහල් පරිශ්‍රයේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කිරිම ද සිදු කරන ලදි. මෙම අවස්ථාවන් සඳහා එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද සහභාගි විය.

එහිදි භට පිරිස් විසින් කිලිනොච්චි රෝහලේ රොගීන්ගේ ඇඳන් අසල ඇති කබඩ් 100 කට වැඩි ප්‍රමාණයක් වර්ණ ගැන්විම සහ ඒ අවට නේවාසික වාට්ටු ප්‍රදේශ පිරිසිදු කිරිම ද සිදුකළහ. එමෙන්ම කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ මගපෙන්විම යටතේ ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් එච්.ඩි.ඩබ්. කාරියවසම් සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩි.සි. කැප්පෙටිවලාන විසින් කිලිනොච්චි යුද හමුදා මුලික රෝහල වෙත පැමිණ එහි නේවාසික රෝගීන් හට ත්‍යාග පාර්සල් පිරිනැමිම ද මෙහිදි සිදු කරන ලදි.

සෙනසුරාදා (08) දින මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය විසින් එම ආරක්ෂක සේනා ආඥාපතිගේ මගපෙන්විම යටතේ 67 වන යුද හමුදා සැමරුම් වැඩසටහන වෙනුවෙන් මුලතිව් යුද හමුදා මුලික රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.

සඳුදා (10) දින යුද හමුදා ධජය එසවිම සහ රැක් රෝපන වැඩසටහනක් එම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී සිදු කළ අතරම, එහිදි යුද හමුදාපතිගේ පණිවිඩය කියවිම එම ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් එචි.ජි.පි.එම්. කාරිවසම් විසින් සිදුකළහ.

යුද හමුදා දිනය වෙනුවෙන් මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු විසින් පැළයක් රෝපනය කළ අතර, මුලතිව් යුද හමුදා රොහලේ නේවාසිකයින්ගේ සුව දුක් විමසමින් ඔවුන් හට ත්‍යාග පාර්සල් ලබාදීම ද සිදු කරන ලදි. ඉන් අනතුරුව මුලදීප විහාරයේ දී කෝකිලායි රජමහා විහාරාධිපති පූජ්‍ය තිස්සපුර ගුණරතන ස්වාමින් වහන්සේ විසින් යුද හමුදාවට සහ එහි ඉදිරි ගමන්මගට සෙත්පතා බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදි.

මේ අතර, මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානයත් 67 වන යුද හමුදා සංවත්සරය සහ යුද හමුදා දිනය වෙනුවෙන් ඔක්තෝබර් 08 සිට 10 දක්වා වැඩසටහන් කිහිපයක් සංවිධානය කළ අතර, දියතලාව යුද හමුදා රෝහලේ ශ්‍රමදාන වැඩසටහනක් ද සෙනසුරාදා (08) දින පවත්වන ලදි.

තවද, ඹක්තෝබර් 10 දින මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී රැක් රෝපන වැඩසටහනක් සහ හමුදාමය උත්සවයක් ද පැවැත්විය. බ්‍රිගේඩියර් පාලන හා භට කාර්ය සම්පාදක අයි.ඕ.ඩබ් මාදොල විසින් යුද හමුදා දින පණිවිඩය කිය වූ අතර, එහිදි යුද හමුදා ධජය එසවිම සහ යුද හමුදා ගීතය ගායනා කිරිම ද සිදු කෙරිනි. ඉන් පසු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු විසින් දියතලාව යුද හමුදා මුලික රෝහල වෙත ගොස් එහි රෝගීන්ගේ සුවදුක් විමසමින් ඔවුන් හට ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදි. සන්ද්‍යාවේ දියතලාව යුද හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටි බෝ මළුව හිදි බෝධි පූජා පිංකමක් ද පවත්වන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංක මුලස්ථානය විසින් එම සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එස්.එන්.කේ සේනාධිරගේ මුලිකත්වය 67 වන යුද හමුදා සංවත්සරය වෙනුවෙන් වැඩසටහන් කිහිපයක් සංවිධානය කරන ලදි. එහිදි යුද හමුදාපතිතුමාගේ පණිවිඩය කියවිම යුද හමුදා ගීතය ගායනා කිරීම, යුද හමුදා ධජය එසවිම මෙන්ම සෙසු නිලයින් වෙනුවෙන් නව ජන අවන්හල විවෘත කිරීම ද සිදු කරන ලදි.

එම වැඩසටහන අවසානයේ දී සේනාංකාධිපති හා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු මහනුවර ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදා සාමාජිකයින් හට ත්‍යාග පාර්සල් පිරිනැමිම ද සිදු කළහ.

මේ අතර, යුද හමුදා සංවත්සරය වෙනුවෙන් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් පනාගොඩ යුද හමුදා මුලික රෝහලේ සංචාරයක නිරත වූ අතර, එහි නේවාසික රෝගීන්ගේ සුවදුක් විමසමින් ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කරන ලදි.

Mysneakers | UK Trainer News & Releases