Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2016 21:10:15 Hours

බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන 5 වන පරිගණක පාඨමාලාවට සහභාගිවූවන් වෙත සහතිකපත් බෙදාදෙයි

පනාගොඩ, බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී කරනු ලැබූ යුද හමුදා භට පිරිස් හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලැබූ පරිගණක පාඨමාලා අංක 05 බ්‍රහස්පතින්දා (15) දින අවසන් විය. යුද හමුදා මූලස්ථානයේ මඟපෙන්වීම යටතේ නුගේගොඩ Orient Academy Limited ආයතනයේ දායකත්වයෙන් අගෝස්තු මස 18 වන දින ආරම්භ කර දින 15 පුරා පැවති පරිගණක පාඨමාලා අංක 05 සඳහා බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 14 වන සේනාංකයේ සහ 58 වන සේනාංකයේ රාජකාරී නියුතු සෙසු නිලයින් 30 දෙනෙකු සහභාගි වූහ. spy offers | Yeezy Boost 350 Trainers