Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2016 17:49:54 Hours

‘බිනර’ පුන් පොහෝ දින බෝධි පූජා පිංකමක්

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 17 වන ඉංජිනේරු සේවා බලකා භට පිරිස් විසින් බිනරපුන් පොහොය දින (16) දේශය වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිකරමින් සහ එම මූලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් හට ආශිර්වාද කරමින් බෝධි පූජා පිංකමක් පැවැත්විය. මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බෝධි කන්ද විහාරයේ පැවති එම බෝධි පූජා පිංකම අතරතුර දී මැණික්කන්ද විහාරවාසී පූජ්‍ය එල්ලාවල සෝභිත හිමි විසින් ධර්ම දෙශණයක් ද සිදු කරන ලදි. එම අවස්ථාව සඳහා මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් එන්.කේ. වඩුගොඩපිටිය ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් මෙන්ම සිවිල් කාර්ය මණ්ඩලය ද එක්ව සිටියහ.Sports News | NIKE RUNNING SALE