Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th September 2016 20:39:09 Hours
වී වගාව සඳහා යන්ත්‍රෝපකරණ ලබාදෙමින් කොස්ගම ගොවීන් වෙත යුද හමුදා සහය
කොස්ගම පිපිරීමෙන් විපතට පත් ප්‍රදේශවල වී වගා කරනු ලැබූ ගොවීන් විසින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එම ඉල්ලීම යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ඉදිරිපත් කර ඇත. අනතුරුව යුද හමුදාපතිගේ උපදෙස් මත බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහ කෘෂිකර්ම අධ්‍යක්ෂක කර්නල් බුවනෙක ගුණරත්න විසින් එම ගොවියන් සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් රථ ලබා දෙමින් යුද හමුදා සහය ලබාදීමට කටයුතු කර ඇත. ඒ අනුව බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ විසින් අද උදෑසන (8) කුඹුරු අක්කර 245 ක වගා කටයුතු සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් රථ ලබා දෙනු ලැබීය. තවද ඉදිරියේ එන ‘මහ’ කන්නයේ වී වගා කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ සහ බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ ගේ අධීක්ෂණයෙන් භට පිරිස් විසින් සිදු කරනු ලැබූ මෙහෙයුම මගින් ප්‍රදේශවාසී ගොවී ජනතාවගේ වගාවන් සහ සාමාන්‍ය ජන ජීවිතය නැවත යථා තත්වයට පත් කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරේ. යුද හමුදා භට පිරිස් 50 ක ගේ සහයෝගයෙන් යුතුව (8) උදෑසන පැවති මෙම වැඩසටහන සඳහා යුද හමුදා බර යන්ත්‍රෝපකරණ සහ ට්‍රැක්ටර් 10 ක් ලබා දී බිම් සකස්කිරීම සඳහා අවශ්‍ය මූලික සහය ද ලබාදෙනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද හමුදාපතිතුමා නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ සහභාගි වූ අතර, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, 142 බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර, කෘෂිකර්ම අධ්‍යක්ෂක කර්නල් බුවනෙක ගුණරත්න, රාජ්‍ය නිලධාරීන්, හමුදා නිලධාරීන් සහ ගොවීන් රැසක් සහභාගි වූහ.
Buy Sneakers
|
Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp