Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
09th September 2016 20:34:24 Hours
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය. ‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ මුල්කරගනිමින් මත්පැන්, දුම්කොළ හා නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතය ආදිය අඩු කරමින් මත්ද්‍රව්‍යයෙන් තොර ශ්‍රී ලංකාවක් යනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්රකාශනය අනුව යමින් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි. තවද, මෙම උත්සවයේ දී නිතී විරෝධි මත්ද්‍රව්‍ය අලෙවි කරන්නන් සහ ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දායක වූ පොලිස් හා නාවික හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියන් වෙත සහතිකපත්‍ර පිරිනැමිම ද සිදු කෙරිනි. මෙහිදි ජනාධිපතිතුමා විසින් සිදුකළ කතාවේ දී යාපනය ප්‍රදේශයේ බොහෝ මත්ද්‍රව්‍ය අලෙවිසල් පවතින බවත්, නුවරඑළිය ප්‍රදේශය ඊට දෙවෙනි වන බවත් ප්‍රකාශ කරන ලදි. යාපනයේ පුංචි දියණියක් විසින් දෙමළ සහ සිංහල යන භාෂා දෙකෙන්ම ජනාධිපතිතුමා සහ සහභාගීවූවන් පිළිගත් අතර, මත්ද්‍රව්‍ය භාවිතෙයන් වැළකීමේ ප්‍රතිඥාව ද කියවන ලදි. තවද, මෙහිදි ජනාධිපතිතුමා විසින් අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වූ සිසුන් සමග ද කතාබහක නිරත විය. මත්ද්‍රව්‍ය නිවාරණ දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරී විසින් සිදුකළ හදුන්වාදීමේ කතාවේ දි යාපනය ප්‍රදේශය තුල මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇති වී තිබෙන බලපෑම් පිළිබදව ද පැහැදිලි කරන ලදි. මෙම උත්සවය සඳහා පාසල් සිසුන් හා දෙමාපියන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමගින් නීතිය හා සාමය, සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මැතිතුමා, අමාත්‍ය විජයකලා මහේෂ්වරන්, ගරු ඩග්ලස් දේවානන්ද (පාර්ලිමේන්තු මන්ත්‍රි), ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා, නාවික සහ ගුවන් හමුදාපතිවරුන්, පොලිස්පති මෙන්ම යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
latest Nike release
|
Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival