Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th September 2016 21:26:46 Hours

පාසල් බැඩ්මින්ටන් ක්‍රිඩකයින් සදහා යුද හමුදාපති තුමාගෙන් ඔවදන්

කොළඹ 7, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මුලස්ථානයේ පැවති ජාතික බැඩ්මින්ටන් ශුරතා තරගාවලියේ ආරම්භක අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වු යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් ඒ සදහා සහභාගිවුවන් අමතා ඔබලා පාසල් මට්ටමේ ක්‍රිඩක ක්‍රිඩිකාවන් වශයෙන් රටට ගෞරවයක් ලබා දෙමින් වැඩි වැඩියෙන් පදක්කම් ලබමින් අවසාන අරමුණ විය යුත්තේ ඔලිම්පික් පදක්කමක් තම රටට ලබාදිමයි. මෙහිදි විනය පවත්වා ගැනිම මගින් ජයග්‍රහණයේ මාවත විවෘත කර ගත හැකි බව ද වැඩිදුරටත් පවසන ලදි. මෙම තරගාවලිය සදහා පළාත් මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රිඩක ක්‍රිඩිකාවන් 200 ක් පමණ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගම් මුලස්ථානය වෙත පැමිණි අතර මෙම තරගාවලිය සැප්තැම්බර් 07 වන දා දක්වා පවත්වනු ලැබේ. සභාපති, විධායක කමිටු සමාජිකයින්, පුහුණුකරුවන්, ගුරුවරුන්, දෙමාපියන් හා තරගාවලියට සහභාගිවන්නන් යුද හමුදාපතිතුමාගේ දේශණය සදහා ඇහුම්කන් දුන් අතර ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ සභාපති සුරාජ් දන්දෙණිය මහතා සහ ක්‍රිඩා අමාත්‍යාංශයේ ප්‍රිති ඉලේපෙරුම මහත්මිය විසින් ප්‍රධාන ආරාධිත අමුත්තාව පිළිගැනිම සිදුකරන ලදි. මෙහිදි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු යුද හමුදාපති තුමා තරගාවලිය ආරම්භයේදි ක්‍රිඩකයින් වෙත අදහස් දක්වමින් සමාජය තුල යහපත් මිනිසකු විමට නම් විනයක් පවත්වා ගැනිම වැදගත් වන බවත් එමගින් ඕනෑම අභියෝගයකට මුහුණ දිමට හැකි වන බවත් යුද්ධ හමුදා සමාජිකයින් මෙලෙස පුහුණුවිම් සිදුකර ඇති බැවින් යුද්ධයේදි මෙන්ම ඕනෑම කටයුත්තක් සදහා සුදානම් බවත් පවසන ලදි. තවදුරටත් අදහස් දැක්වු යුද හමුදාපති තුමා සාර්ථක පුහුණුවක යෙදිමෙන් ඕනෑම ඉලක්කයක් කරා ලගාවිමට හැකි බවත් පවසන ලදි. මෙම බැඩ්මින්ටන් තරගාවලිය සදහා ඔලිම්පික් තරගාවලිය සදහා සහභාගි වු බැඩ්මින්ටන් ක්‍රිඩක නිලුක කරුණාරත්න මහතා මෙන්ම ක්‍රිඩා ලෝලින් රැසක් ද සහභාගි වුහ.Sport media | plain white nike air force ones women high top Colorways, Release Dates, Price , Gov