Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd August 2016 16:37:25 Hours

‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී

ශ්‍රී ලංකා ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ සහාය ඇතිව වන්නි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අගෝස්තු මස 16 සිට 20 දක්වා ‘ජීවත්වීමේ කලාව සහ පෞර්ෂ වර්ධනය’ යන මැයෙන් වැඩසටහනක් එම ආරක්ෂක සේනා ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි. යුද හමුදා භට පිරිස් අතර විශ්වාසීභාවය, අවස්ථානුකූලව මුහුණදීමේ හැකියාව, සරල සහ ප්‍රිතීමත් ජීවිතයක් පවත්වාගෙනයාම අරමුණු කරගෙන මෙම වැඩමුළුව පැවැත්විය. තවද මෙහිදි මුලික යෝග ඉරියව් කිහිපයක් සහ මානසික ආතතිය ලිහිල් කිරීමට උපකාරි වන හුස්ම ගැනීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව ද ඒ සඳහා දැනුවත් කරන ලදි. මෙම වැඩමුළුව යුද හමුදාපතිතුමාගේ මගපෙන්වීමෙන් මනෝවිද්‍යා මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සමිබන්ධිකරණයෙන් සිදු කෙරිනි. ජීවත්වීමේ කලාව පිළිබඳ පදනමේ ඉන්දීය උපදේශක රාජ් ගෝපාල් ක්‍රිෂ්නන් මහතා සහ ලංකා ජයසේකර මහතා විසින් මෙම වැඩමුළුව මෙහෙයවිය. වන්නි ප්‍රදේශයේ රාජකාරියේ නියුතු නිලධාරීන් 7 ක් සහ සෙසු නිලයින් 23 ක් ඇතුලු යුද හමුදා සාමාජිකයින් 30 ක් මේ සඳහා සහභාගි විය.Buy Sneakers | 『アディダス』に分類された記事一覧