Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th August 2016 18:19:17 Hours

රණවිරු ඇපරල් නව සේනාවිධායක රාජකාරි භාරගනියි

බ්‍රිගේඩියර් සේනක දසනායක, රණවිරු ඇපරල් ආයතනයේ 3 වන සේනාවිධායක ලෙස ආගමික ආශීර්වාද මධ්‍යයේ අඟහරුවාදා (02) දින රාජකාරි භාරගත් අතර, ඒ වෙනුවෙන් යක්කල පිහිටි රණවිරු ඇපරල් ආයතනයේ දී චාම් උත්සවයක් ද විය. රණවිරු ඇපරල් ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක කර්නල් කපිල රණවීර විසින් එහි පැමිණි බ්‍රිගේඩියර් සේනක දසනායක පිළිගන්නා ලදි. ඉන් අනතුරුව, නව සේනාවිධායක වෙත රණවිරු ඇපරල් ආයතනයේ භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමූ අතර, අනතුරුව ලේඛණ වලට අත්සත් තබමින් සිය කාර්යාලයේ දී රාජකාරි භාර ගැනීම සිදු කෙරිනි. මීට පෙර රණවිරු ඇපරල් ආයතනයේ සේනාවිධායක ලෙස කර්නල් ලෙස්ලි විජේසුන්දර කටයුතු කරන ලදි. මෙම උත්සවය අවසානයේ තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විනි. මෙම අවස්ථාව සඳහා රණවිරු ඇපරල් ආයතනයේ නියෝජ්‍ය සේනාවිධායක, යක්කල සහ අලව්ව කර්මාන්ත ශාලාහි කළමණාකරුවන්, නිෂ්පාදන සැලසුම් හා වැඩ අධ්‍යයන කළමණාකරු, මානව සම්පත් කළමණාකරු මෙන්ම සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.affiliate link trace | NIKE AIR HUARACHE