Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

10th August 2016 20:44:25 Hours

53 වන සේනාංකය සිය 21 වන සංවත්සරය සමරයි

53 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ මඟපෙන්වීම මත එම භට පිරිස් විසින් අගෝස්තු මස 08 වන දින දඹුල්ල පිහිටි එම සේනාංක මුලස්ථානයේ දී වැඩසටහන් රැසක් සමඟින් සිය 21 වන සංවත්සරය සමරන ලදි. ඒ අනුව සඳුදා (08) දින හමුදා සම්ප්‍රදායානුකූලව 53 වන සේනාංකාධිපති වෙත කඳවුරු සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙළපාලියක් ද එම සේනාංක සරඹ භූමියේ දී පිරිනැමිම සිදු කෙරිනි. මෙම සංවත්සර සැමරුම් වැඩසටහනේ තවත් අංගයක් ලෙස කඳවුරු පරිශ්‍රයේ ‘රත් සඳුන්’ පැළයක් ද රෝපනය කරන ලදි. භට පිරිස් ඇමතීම ද, සේවය අගය කිරීම වස් සේවා සහතික පිරිනැමිම ද එදින සිදු කළහ. පසුව නවතමයෙන් ඉදිකරන ලද කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාව හා සෙසු නිල භෝජනාගාරය තුල සියලු නිලයින් සඳහා දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය. 53 වන සේනාංක පරිශ්‍රයේ පැවති දැවැන්ත සංගීත සැඳැවෙන් අනතුරුව 21 වන සංවත්සර සැමරුම නිමාවිය.Buy Kicks | Nike Shoes