Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st August 2016 21:31:33 Hours

පාඨමාලා අංක - 82 හි කෙඩෙට් නිලධාරීන් මුලතිව්, කිලිනොච්චි සහ යාපනය සංචාරයක

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයෙහි පූහුණුව ලබන පාඨමාලා අංක 82 හි කෙඩෙට් නිලධාරීන් 39 දෙනෙකු සහ උපදේශකයින් 4 දෙනෙකුගෙන් යුත් 43 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සිය පුහුණු පාඨමාළාවෙහි තවත් ඒක අංගයක් ලෙස ජුලි මස 27 සහ 28 යන දිනයන්හි දී මුලතිව්, කිලිනොච්චි සහ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයන්හි සංචාරය කරන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා, මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස් දෙහිවත්ත, කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් පී.එස්.කේ. සංජීව, යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී I (ක්‍රියාන්විත හා පුහුණු) ලුතිතන් කර්නල් ඉන්දික මෙන්ඩිස් සහ යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (ක්‍රියාන්විත) ද එම ආරක්ෂක සේනා මුලස්ථාන හි දි මෙම පිරිස පිළිගැනීම සඳහා එක්ව සිටියහ. මෙම සංචාරය ආරම්භ කිරීමට ප්‍රථම ඒ ඒ ආරක්ෂක සේනා මුලස්ථාන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් තම බල ප්‍රදේශ තුල කාර්ය භාර්යන් පිළිබඳව ඉදිරිපත් කිරීමක් ද සිදු කරනු ලැබීය. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ දී එම ආරක්ෂක සේනා මුලස්ථාන බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් බී.පී.එස් ද සිල්වා සහ බ්‍රිගේඩියර් පාලන සහ භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ඩී.එස් දෙහිවත්ත විසින් එම පිරිස සමඟ අදහස් හුවමාරු කර ගන්නා ලදි. එම සංචාරයේ දී කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් එම ආරක්ෂක සේනා මුලස්ථාන හි දී මෙම කෙඩෙට් නිලධාරීන් වෙත සමරු තිළිණ පිරිනැමිම ද සිදුකෙරිනි.Nike Sneakers | シューズ