Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st July 2016 15:15:44 Hours

අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලියේ ශුරතාවය 2 වන විශේෂ බලකා කණ්ඩායමට හිමිවේ

යුද හමුදා ක්‍රිකට් කමිටුව මඟින් සිව්වන වරටත් සංවිධානය කළ අන්තර් බලඇණි සැහැල්ලු පන්දු 20/20 ක්‍රිකට් තරඟාවලිය ජූලි මස 15 වන දින ආරම්භ විය. ඒ සඳහා දිවයින පුරා සිටින යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම් 203 ක් සහභාගි වූ අතර, පළමු වටයේ තරඟ ආරක්ෂක සේනා මුලස්ථාන මට්ටමින් පවත්වන ලදි. මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානයේ 2 වන විශේෂ බලකා කණ්ඩායම සහ බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම මෙහි අවසාන මහා තරඟය සඳහා තේරී පත් වූ අතර, එම තරඟය අඟහරුවාදා (19) දින යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන පරිශ්‍රයේ දී පවත්වන ලදි. එහිදි 2 වන විශේෂ බලකා කණ්ඩායම වෙත ශුරතාවයත්, 14 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තු කණ්ඩායම වෙත අනුශුරතාවයත් හිමිවිය. මෙම තරඟාවලියේ දී දක්ෂතම පන්දු යවන්නා ලෙස 2 වන විශේෂ බලකා කණ්ඩායම නියෝජනය කරන කෝප්‍රල් කේ.පී. නිශ්සංක ද, දක්ෂතම පිතිකරු ලෙස 9 වන ගැමුණු හේවා බලකායේ කෝප්‍රල් ඒ.ඒ.ආර්. පෙරේරා ද තරගේ වීරයා ලෙස 2 වන විශේෂ බලකා කණ්ඩායමේ සැරයන් එම්.ඩබ්.එම්. නිලංජිත් ද තේරී පත්විය. යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති, ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මෙන්ම යුද හමුදා ක්‍රිකට් කමිටුවේ උප සභාපති මේජර් ජෙනරාල් පී.ඩබ්.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් මෙහි ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වන ලදි.Nike footwear | Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov