Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th July 2016 15:14:37 Hours

‘නැගෙනහිර නව නිපැයුම් - 2016’ නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ දී

නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ. විජේරත්නගේ උපදෙස් හා මඟපෙන්වීම මත එම ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ඔවුන් තුල පවතින සුවිශේෂී නව්‍ය දක්ෂතා පිළිබිඹු කිරීම සඳහා පැවැත් වූ ‘නැගෙනහිර නව නිපැයුම්’ යුද හමුදා අධ්‍යාපනික ප්‍රදර්ශනය ජුලි මස 02 සිට 03 දක්වා මහජනතාව වෙනුවෙන් විවෘත කර තිබුණි. නැගෙනහිර භට පිරිස් විසින් නිර්මාණය කළ කලාත්මක නිෂ්පාදන ගණනාවකින් සමන්විත මෙම ප්‍ර‍දර්ශනය නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති විසින් විවෘත කළ අතර, ඒ සඳහා තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් ද එක්ව සිටියහ. ප්‍රදේශයේ සිසුන්ට මෙන්ම මහජනතාවට දැනුම වර්ධනය කර ගැනීමට සහ යුද හමුදා සාමාජිකයින් තුළ පවතින නව අදහස් හා කලාත්මක ඇගයීම පිළිබඳ අදහසක් ලබා ගැනීමට මෙම ප්‍ර‍දර්ශනය දුර්ලභ අවස්ථාවක් විය. trace affiliate link | Nike