Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
22nd June 2016 16:37:30 Hours
යුද හමුදාපති පොසොන් පොහොය නිමිත්තෙන් ආගමික වතාවත්වල නිරත වේ
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය සමග එක්ව පොසොන් පොහොය නිමිත්තෙන් ජුනි මස 19 සහ 20 යන දිනයන්හි නැගෙනහිර පලාතේ විවිධ ආගමික වැඩසටහන් සඳහා එක් විය. බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ දන්ත ධාතූන් වහන්සේ ප්‍රදර්ශණයට ගරු බුහුමන් දැක්වීම හා එම ප්‍රදර්ශණයට සමගාමීව පවත්වනු ලැබූ ආගමික වැඩසටහන සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි වූ අතර, මේ සඳහා 24 වන සේනාංක භට පිරිස් සිය දායකත්වය ලබා දී තිබිණි. එහිදී භට පිරිස් සහ බෞද්ධ කොඩි සිය ගණනකින් වර්ණවත් වූ පෙරහැරකින් යුද හමුදාපතිතුමා විසින් සර්වඥ ධාතූන් වහන්සේ වතාවත් සිදු කිරීම සඳහා වඩම්මවන ලදි . එමෙන්ම එහිදී බුද්ධංගල විහාරයේ විහාරාධිපති පූජ්‍ය දීඝවාපියේ සුසීම හිමිගේ ආරාධනයෙන් එම ආරාම භූමියේ ඉදි කරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීම ද එදින යුද හමුදාපති විසින් සිදු කළ අතර, භික්ෂූන් වහන්සේලා විසින් කළ ඉල්ලීමකට අනුව 24 වන සේනාංක සෙබලුන් සහ ඉංජිනේරු සෙබලුන් විසින් එම ගොඩනැගිල්ල ඉදි කරන ලදී. අනතුරුව නාමල්වත්ත ශෛලබිම්භාරාමයේ විහාරාධිපති පූජ්‍ය ගම්පහ නාරද හිමිගේ ආරධනයෙන් යුද හමුදාපතිතුමා විසින් රණවිරු මහා සෑය විවෘත කරනු ලැබූ අතර, බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. යුද හමුදාපතිතුමා බුද්ධංගල විහාරයේ රැදි සිටි කාලය අතරතුර භට පිරිස් සමග අදහස් හුවමාරුකර ගත් අතර, ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳවද අදහස් විමසන ලදී. එම අවස්ථාව සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කේ.එම්.යූ විජේරත්න, 24 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රෝහණ බණ්ඩාර, බලසේනාධිපතිවරුන්, අණ දෙන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් එම අවස්ථාවට සහභාගි වූහ.
Running sports
|
【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ