Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
19th June 2016 15:01:07 Hours
ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ තවත් කෙඩෙට් නිලධාරීන් 58 දෙනෙකු අධිකාරියට පත් කෙරේ
දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨය විසින් ජාතියට දායාද කරනු ලැබූ තවත් වෘත්තීමය සුදුසුකම්වලින් සැදුම්ලත් කෙඩෙට් නිලධාරීන් කණ්ඩායමක් විසිර යාමේ උත්සවය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (18) දින දියතලාව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ දී උත්සවාකාරයෙන් පැවැත්විය. ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 81 A සහ කාන්තා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 14 යටතේ පුහුණුවිම් ලැබූ මෙම කෙඩෙට් නිලධාරීන් 58 දෙනා, ඔවුන්ගේ උපදේශකවරුන්, දෙමාපියන්, ඥාතීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ ආරාධිතයින්ගේ සුබ පැතුම් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් අධිකාරියට පත්කරන ලදි. එහිදී යුද හමුදාපතිතුමා සමගින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ආර්.ඩබ්.ඩබ්.ඒ.ඩි.බි. රාජගුරු විසින් ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ පිවිසුම් දොරටුව අභියසදී ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමිය වෙත කැඳවාගෙන යනු ලැබිය. අනතුරුව උත්සවයේ ප්‍රථම අදියර වශයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ඇතුලු පිරිස ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ රණවිරු ස්මාරකය වෙත මල් කළඹක් තබා මියගිය රණවිරුවන් සිහිකරමීන් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පවත්වන ලදි. මෙම විසිරයෑමේ උත්සවයේ දී ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් උපාධිධාරී කෙඩෙට් නිලධාරීන් වෙත අධිකාරිය සංකේතවත් කරමින් අසිපත පිළිගැන් වූ අතර, ඉන් අනතුරුව අධිකාරියට පත් කෙඩෙට් නිලධාරීන් විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා වෙත වර්ණවත් ආචාර පෙළපාලියක් ද පිරිනමන ලදි. එමෙන්ම පාඨමාලාවේ දක්ෂතම නිලධාරීන් වෙත කුසලාන හා ජය සංකේත පිරිනැමිම ද මෙහිදි සිදු විය. මෙම උත්සවයේ දී නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 81A යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීන් 18 දෙනෙක්ද, ස්වේච්ජා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 56 යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරීන් 29 දෙනෙක් හා කාන්තා නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 14 යටතේ පාඨමාලාව හැදැරු කෙඩෙට් නිලධාරිනියන් 7 දෙනෙක් මෙන්ම කාන්තා ස්වේච්ජා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 13 යටතේ පාඨමාලාව හැදෑරූ කෙඩෙට් නිලධාරීනියන් 4 දෙනෙක් අධිකාරියට පත් කරන ලදී. ඉන් අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවති නිළ ලාංඡන පැළඳවීමේ උත්සවයේ දී ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායකගේ සහභාගීත්වයෙන් දෙමාපියන් විසින් නව උපාධිධාරීන්ගේ උරහිසෙහි ජනාධිපති අධිකාරිය සංකේතවත් කරමින් නිළ ලාංඡන පළඳවන ලදි. පැවති පුහුණුවෙන් පසු උපාධිධාරීන් හට තම ආදරණීයන් ඉදිරියේ උදා වූ මෙම මොහොත සදාකාලික මතකයක් වනු නොඅනුමානය. එමෙන්ම උපාධි අපේක්ෂිත කෙඩෙට් නිලධාරීන්ගේ අවසන් සමුහ ඉදිරිපත් කිරීම කර්නල් ෆස්ලි ලාෆීර් අනුස්මරණ ශ්‍රවණාගාරයේ දී පෙරදින පස්වරුවේ පැවත් වූ අතර, මේ සඳහා යුද හමුදාපතිතුමා සහභාගි විය. ‘නූතන සටන් බිමේ විශේෂ හමුදා මෙහෙහුම් ’ මෙම සමුහ ඉදිරිපත් කිරීමෙහි තේමාව වී තිබුණි. එමෙන්ම, කෙඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරීම නිමිත්තෙන් පවත්වනු ලබන රාත්‍රි භෝජන සංග්‍රහය කෙඩෙට් නිලධාරී නිවස්නයේ දී ප්‍රධාන ආරාධිත අමුත්තා සහ යුද හමුදාපතිතුමන්ගේ සහභාගීත්වයෙන් (18) සන්ධ්‍යාවේ පැවැත්වීමට නියමිතය.
bridge media
|
adidas Yeezy Boost 350