Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
17th June 2016 02:31:26 Hours
විපතට පත් කොස්ගම පවුල් සදහා යුද්ධ හමුදාවෙන් ගෑස් ලිප්
යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ මඟපෙන්වීම යටතේ කොස්ගම ප්‍රදේශයේ විපතට පත් ජනතාවට ක්‍ෂණිකව යුද්ධ හමුදාවෙන් ලබාදෙන සහනයක් වශයෙන් ගෑස් ලිප් 50 ක් බ්‍රහස්පතින්දා (16) දින කොස්ගම බොරළුගොඩ පිහිටි ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ පැවැති චාම් උත්සවයකදී බෙදාදෙන ලදි. බොරළුගොඩ ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍ය හේවැල්වල ඥාණානන්ද හිමිපාණන්ගේ යෝජනාවකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා තමන්ගේ නිලධාරීන් හට කඩිනමින් උපදෙස් ලබාදී විපතට පත් සිවිල් ජනතාව හට ගෑස් ලිප් යුද්ධ හමුදා වියදමින් ලබාදීමට කටයුතු සම්පාදනය කරන ලදි. මෙම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිවරයා නියෝජනය කරමින් බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන කර්නල් ප්‍රධාන මාණ්ඩලික කර්නල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය ලේකම් බණ්ඩාර මාපා මහතා, බටහිර ආරක්ෂක සේනා මූලස්ථාන සිවිල් සම්බන්ධීකරණ නිළධාරී ලුතිතන් කර්නල් හේමන්ත පෙරේරා එක්වූ අතර, විපතට පත් ජනතාව විහාරස්ථානයට එක්රැස් වූ පසු ගෑස් ලිප් බෙදාදීම සිදුකරන ලදි. මේ අවස්ථාවට විහාරාධිපති හිමියන් ඇතුළු තවත් සංඝයාවහන්සේලා කිහිප නමක් සහභාගී විය. කොස්ගම ප්‍රදේශයේ සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීමේදී යුද්ධ හමුදාව මූලිකත්වය ගෙන හැකි මානුෂීය සහායක්ම එම ජනතාව වෙත ලබාදෙන ලදි. එනම් අළුත්වැඩියා කටයුතු, නැවත ඉදිකිරීම්, සුද්ධ පවිත්‍රකිරීම්, ජලය පිරිපහදු කිරීම්, ඇගයීම් වාර්තා, ආහාර සැපයීම, තාවකාලික කූඩාරම් ඉදිකිරීම සහ ජංගම වැසිකිලි ඉදිකිරීම් යනාදී වේ. විශේෂ සැලසුම් යටතේ යුද්ධ හමුදාධිපතිතුමා විසින් ගත් නව ක්‍රියාමාර්ගයක් ලෙස විපතට පත් පවුල්වල පාසල් සිසුන් සදහා නිලඇදුම් මසාදීම, අවශ්‍ය පොත්පත් සහ පාසල් උපකරණ ලබාදීම සිදුකළ අතර, බදාදා (15) දින යුද්ධ හමුදාව විසින් මසන ලද පාසල් නිළ ඇදුම් මෑතකදී සිදුවූ ගංවතුරෙන් සහ කොස්ගම විපතට පත්වූවන් අතර ද බෙදාදීම ආරම්භ කරන ලදි.
Sports brands
|
Nike Releases, Launch Links & Raffles