Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th June 2016 19:16:16 Hours

සමුද්‍රදේවී විද්‍යාලය කැන්දගස්මන්කඩ සිසුන් සමඟ අත්වැල් බැදගනී

යුද හමුදාව විසින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ අධ්‍යාපනය හදාරනු ලබන සිසු දරු දැරියන් වෙත පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරනු ලැබීය. 12 වන සේනාංකයේ කර්නල් ප්‍ර‍ධාන මාණ්ඩලිකගේ සම්බන්ධීකරණයෙන් කොළඹ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ සහ ආදි ශිෂ්‍යයාවන්ගේ පරිත්‍යාගයෙන් සඳුදා (13) දින කැන්දගස්මන්කඩ ප්‍රාථමික විද්‍යාලයේ සිසු දරු දැරියන් 112 දෙනෙකු සඳහා එම පාසල් පරිශ්‍රයේ දී ත්‍යාග පාර්සල් බෙදා දෙනු ලැබීය. සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ එම වැඩසටහන සඳහා 12 වන සේනාංකයෙහි සහ 112 වන බලසේනාවෙහි නිලධාරීන් සහ සෙසු නිලයින් පූර්ණ සහයෝගය දක්වනු ලැබීය. එම අවස්ථාව සඳහා යුද හමුදා නිලධාරීන්, සෙසු නිලයින්, පරිත්‍යාගශීලීන් වන සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින්, ආචාර්ය මණ්ඩලය මෙන්ම කැන්දගස්මන්කඩ විද්‍යාලයෙහි සිසු දරු දැරියන් එක් වූහ.Running sport media | Yeezy Boost 350 Trainers