Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th June 2016 13:31:07 Hours

එෆ්ඒ කුසලාන අවසාන මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය පරදා යුද හමුදා ක්‍රීඩා සමාජය ජයග්‍රහණය කරයි

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී සෙනසුරාදා (11) සවස පැවති එෆ්ඒ කුසලාන අවසාන මහා තරගයේ දී රිනවුන් ක්‍රීඩා සමාජය පරජයට පත් කරමින් දක්ෂ ලෙස තරඟ කළ යුද හමුදා ක්‍රීඩා සමාජය 3 - 1 ක් ලෙස ජයග්‍ර‍හණය කිරීමට සමත් විය. යුද හමුදා පාපන්දු ක්‍රීඩකයින් මෙම ශුරතාවය දිනාගත් 4 වන අවස්ථාව මෙය වේ. දෙවන භාගයේ දී බලලත් නිලධාරි I එම්.එන්.එම්. ඉෂාදීන් පිට පිට ගෝල දෙකක් රැස් කළ අතර, පළමු භාගය අවසන් වීමට පෙර බලලත් නිලධාරි II ධනුෂ්ක විජේසිරි විසින් තවත් ගෝලයක් හිමි කර ගන්නා ලදි. එෆ්ඒ කුසලාන තරගයේ දී යුද හමුදා කණ්ඩායමේ ධනුෂ්ක විජේසිරි විශිෂ්ඨතම ක්‍රීඩකයාට හිමි කුසලානය දිනා ගත් අතර, හොඳම ගෝල රකින්නා සඳහා වූ කුසලානය සෙබල කුමාර සිරිසේන වෙත හිමිවිය.trace affiliate link | Footwear