Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
10th June 2016 23:26:14 Hours
කොස්ගම ප්‍රදේශයේ ජනතාවගේ දුක්ගැනවිලි විමසීමේ විශේෂ සාකච්ජාවක් : ලිං 394 ක් පානීය ජලය සඳහා සුදුසු බවට තහවුරු කරයි
කොස්ගම සාලාව ප්‍රදේශයේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් සිවිල් වැසියන් ගේ අවශ්‍යතාවන් පිළිබඳව සොයබැලීමේ විශේෂ හමුවක් (10) උදෑසන සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වූ අතර, එම සාකච්ඡාව සඳහා අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිලවා, සීතාවක ප්‍රාදේශීය ලේකම්, බටහිර ආරක්ෂක සේනා ආඥාපති, ප්‍රාදේශීය දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් සහභාගි වූහ. මෙහිදී බලධාරීන් විසින් දැනට ක්‍රියාත්මක ප්‍රදේශයේ පිරිසිදු කිරීම්, අලුත්වැඩියා කිරීම් සහ නැවත ගොඩනැගීම් සම්බන්ධයෙන් විපතට පත් මහජනතාව දැනුවත් කර එකි ජනතාවට හැකි සෑම සහනයක්ම ලබාදිමේ අරමුණින් ඔවුන් විසින් ඉදිරිපත් කළ දුක්ගැනවිලිවලට සාවදානව ඇහුම්කන් දෙන ලදි. මේ අතර, යුද හමුදා භට පිරිසි විසින් පානීය ජලය බවුසර් මගින් නොකඩවා ලබාදෙන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව හා ජල සම්පාදන මණ්ඩලයේ විශේෂඥයන් සමඟ එක්ව ලිං 406 ක් නිරික්ෂණය කර එම ලිං අතරින් 394 ක් පානීය ජලය සඳහා සුදුසු බව තහවුරු කරනු ලැබීය. තවද, මෙවැනිම ලිං 85 ක තිබූ අපිරිසිදු ජලය පසුගිය දින හතර මුළුල්ලේ ඉවත් කරනු ලැබීය. මේ අතරතුර යුද හමුදා ඉංජිනේරු බලකාය, පාබල භටයින් සහ අනෙකුත් භට පිරිස් විසින් සුළු වශයෙන් වහල සහ බිත්ති හානියට පත් වූ නිවාස 20 ක් බ්‍රහස්පතින්දා (9) පස්වරු වන විට අලුත්වැඩියාකටයුතු නිම කරනු ලැබූ බව සීතාවක ප්‍රදේශයේ පිහිටා ඇති යුද හමුදා ක්‍රියාන්විත මැදිරිය මගින් දැනුම් දෙනු ලැබීය. එමෙන්ම, බ්‍රහස්පතින්දා (9) දිනය වන විට හානියට පත් වූ නිවාස අලුත්වැඩියා කරන තුරු නිවැසියන් හට ඔවුන්ගේ නිවාස අසලම තාවකාලික කූඩාරම් සාදාදීමට භට පිරිස්, සිවිල් අංශ බලධාරීන් සහ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ක්‍රියා කරනු ලැබීය. මීට අමතරව යුද හමුදා ඉංජිනේරු බලකාය විසින් පිපිරිමෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශයන්හි විසිරී ඇති උණ්ඩ හා වෙනත් පුපුරන ද්‍රව්‍ය එක් රැස් කිරීම නොකඩවා සිදු කරනු ලබන අතර, පුපුරන ද්‍රව්‍ය හැසිරවීමේ දී අතිරේක ආරක්ෂක පියවර ගනිමින් විශේෂ අවධානයක් ඒ සඳහා යොමු කළ යුතු බැවින් ඒ සඳහා වැඩි කාලයක් යෙදවීමට ද සිදු වේ.
Asics footwear
|
Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth