Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

logo logo logo

03rd June 2016 23:50:17 Hours

ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්ගේ වන්නි සංචාරය

සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශිෂ්‍ය නිලධාරීන්ගේ දැනුම වර්ධනය කර ගැනීමේ වෘත්තීමය පාඨමාලාවේ එක් අදියරක් ලෙස පැවැත්වෙන ක්ෂේත්‍ර‍ සංචාරය පසුගිය දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී සිදු කරන ලදි. වන්නි ආරක්ෂක සේනා ආඥාපති වෙනුවෙන් උතුරු මැද ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති බ්‍රිගේඩියර් ඩි.එස්. වීරමන් සමඟින් බ්‍රිගේඩියර් ප්‍ර‍ධාන මාණ්ඩලික බ්‍රිගේඩියර් ජාලිය සේනාරත්න විසින් මෙම ශිෂ්‍ය නිලධාරීන් පිරිස පිළිගන්නා ලදි. ඉන්අනතුරුව, ඉදිරි නඩත්තු පෙදෙස ආඥාපති විසින් ඉදිරි නඩත්තු පෙදෙසක සහ සේනාංක පරිපාලන පෙදෙසක සිදුකරනු ලබන කාර්ය භාර්ය සබැඳිව ඉදිරිපත් කිරීමක් ද සිදු කරන ලදි. මෙදින සංචාරය අවසානයේ 21 වන සේනාංක නිලධාරී නිවස්නයේ දී දිවා භෝජන සංග්‍ර‍හයක් ද පැවැත්විනි.